A A A A A

පව්: [කෑදරකම]


1 කොරින්ති 6:12
සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වසඟ නොවන්නෙමි.

1 කොරින්ති 10:7
සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.

1 කොරින්ති 15:32
මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.

ද්විතීය නීති සංග්‍රහය 21:20
මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.

එසකියෙල්ගේ 16:49
මෙන්න, ඔබේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.

උත්පත්ති 3:6
ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.

පිලිප්පි 3:19
ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

හිතෝපදේශ 23:2
ඔබ ගිජු කෙනෙක් නම්, ඔබේ උගුරට පිහියක් තබාගන්න.

හිතෝපදේශ 23:21
මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.

හිතෝපදේශ 28:7
ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.

ගීතාවලිය 119:70
ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.

රෝම 13:14
නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

තීතස් 1:12
ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ.

හිතෝපදේශ 23:20-21
[20] මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න. [21] මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.

1 කොරින්ති 6:19-20
[19] නොහොත් ඔබ සැමගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?[20] ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

ගීතාවලිය 115:4-8
[4] ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයෝය. [5] ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; [6] කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති; [7] අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති. [8] ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.

රෝම 14:13-17
[13] එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.[14] යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.[15] කෑම නිසා ඔබේ සහෝදරයා දුකට පැමිණේ නම්, ඔබ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු ඔබේ කෑමෙන් විනාශ නොකරන්න.[16] එබැවින් ඔබ සැමට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා.[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

ගීතාවලිය 78:26-31
[26] උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක. ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක. [27] උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක. [28] එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුර මැදට හෙළූසේක. [29] ඔව්හු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය; ඔවුන් ආශාවූ දේ උන්වහන්සේ ඔවුන්ට දුන්සේක. [30] ඔවුන්ගේ ආශාව සංසිදෙන්ට ප්‍රථම, කෑම ඔවුන්ගේ කටේ තිබියදීම, [31] දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුන්ගෙන් ඉතා පුෂ්ටිමත්වූවන් නසා, ඉශ්‍රායෙල්ගේ තරුණයන්ට පහරදුන්සේක.

2 තිමෝති 3:1-9
[1] නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න.[2] මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,[3] ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,[4] ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,[5] දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.[6] මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල්වලට ඇතුල්වී, පාපවලින් බරවූ, අනේකාකාර තෘෂ්ණාවලින් ගෙනයනු ලබන්නාවූ,[7] නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත්‍රීන් වහල්කරගන්නාවූ අයවෙති.[8] යන්නෙස් සහ යම්බ්‍රේස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය.[9] නුමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම ප්‍රකාශවුනාක්මෙන්ම මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශවෙනවා ඇත.

ගණන් කථාව 11:18-34
[18] ඔබ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට ඔබ සැම මාංස කන්නහුය. මක්නිසාද ඔබ සැම: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේ ගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට මාංස දෙනවා ඇත, ඔබ සැමද කන්නහුය.[19] ඔබ සැම අතරේ සිටින ස්වාමීන්වහන්සේ ප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්,[20] එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස ඔබ සැමගේ නාස්පුඩුවලින් නික්ම ඔබ සැමට පිළිකුල් වන තුරු ඔබ සැම ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.[21] මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක.[22] ඔවුන් තෘප්තියට පමුණුවන පිණිස එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔවුන් නිසා මැරිය හැක්කේද? නොහොත් ඔවුන් සෑහීමට පමුණුවන පිණිස මුහුදේ සියලු මත්ස්‍යයන් ඔවුන් උදෙසා රැස්කළ හැක්කේදැයි කීයේය.[23] ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ හස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් ඔබට පෙනේයයි කීසේක.[24] එවිට මෝසෙස් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ ගේ වචන සෙනඟට කියා, සෙනඟ අතරෙන් වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටෙව්වේය.[25] ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට: ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය.[26] එහෙත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියෝය, එක්කෙනෙකුගේ නම එල්දාද්ය. අනික් අයගේ නම මේදාද්ය. ආත්මය ඔවුන් කෙරෙහිද පිහිටියේය; ඔව්හු ලියනලද්දවුන්ට ඇතුළත්ව සිටිය නුමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔව්හුද කඳවුරෙහිදී දිව්‍ය වාක්‍ය කීවෝය.[27] තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය.[28] මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය.[29] මෝසෙස්ද: ඔබ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද? ස්වාමීන්වහන්සේ ගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස ස්වාමීන්වහන්සේ තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය.[30] පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.[31] එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය.[32] සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය.[33] නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේ ගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.[34] තෘෂ්ණාධික සෙනඟ එහි තැන්පත් කරනු ලැබූ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා යන නම තබන ලද්දේය.

Sinhala Bible SROV
Ceylon Bible Society