A A A A A

පව්: [දික්කසාදය]


ශුද්ධවර මතෙව් 19:9
තවද මම ඔබ සැමට කියමි-වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.

ශුද්ධවර මතෙව් 5:32
මම ඔබ සැමට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.

ශුද්ධවර ලූක් 16:18
තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණපාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයෙකු විසින් අත්හරිනලද ස්ත්‍රිය සරණපාවා ගන්න තැනැත්තේද කාමමිථ්‍යාචාරය කරයි.

1 කොරින්ති 7:10-11
[10] නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,[11] (නුමුත් ඈ අහක්ව ගියොත් විවාහ නොවී සිටීවා, නැතහොත් ඇගේ පුරුෂයා හා සමඟිවේවා); පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා.

ශුද්ධවර මතෙව් 5:31-32
[31] ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.[32] මම ඔබ සැමට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.

ශුද්ධවර මතෙව් 19:3-9
[3] පරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.[4] උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්,[5] ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් ඔබ සැම කියෙවුවේ නැද්ද?[6] මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.[7] ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.[8] උන්වහන්සේද: ඔබ සැමගේ සිත් දැඩිකම නිසා මෝසෙස් ඔබ සැමගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක.[9] තවද මම ඔබ සැමට කියමි-වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.

ශුද්ධවර මාක් 10:2-12
[2] පරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.[3] උන්වහන්සේ උත්තරදෙමින්: මෝසෙස් ඔබ සැමට අණකළේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.[4] අත්හැරීම් පත්‍රයක් ලියා ඈ අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයයි ඔව්හු කීවෝය.[5] නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව ඔබ සැමට ලියා දුන්නේය.[6] නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.[7] එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය;[8] ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති,[9] එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.[10] ගෝලයෝ ගෙයිදී මේ කාරණය ගැන නැවතත් උන්වහන්සේගෙන් ඇසුවෝය.[11] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවාගන්න කවරෙක් නුමුත් ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය කෙරේ.[12] ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.

1 කොරින්ති 7:10-16
[10] නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,[11] (නුමුත් ඈ අහක්ව ගියොත් විවාහ නොවී සිටීවා, නැතහොත් ඇගේ පුරුෂයා හා සමඟිවේවා); පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා.[12] නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.[13] යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා.[14] මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් ඔබ සැමගේ දරුවෝ අපවිත්‍රය.[15] නුමුත් දැන් ඔව්හු ශුද්ධය, නුමුත් නොඇදහිලිකාර පක්ෂය අහක්ව යේනම් අහක්ව යේවා. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නුමුත් දෙවියන්වහන්සේ විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය.[16] මක්නිසාද, භාර්යාව, ඔබ ඔබේ පුරුෂයා ගළවන්නීදෝ ඔබ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, ඔබ ඔබේ භාර්යාව ගළවන්නේදෝ ඔබ දන්නේ කොහොමද?

ශුද්ධවර මතෙව් 19:3-12
[3] පරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.[4] උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්,[5] ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් ඔබ සැම කියෙවුවේ නැද්ද?[6] මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.[7] ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.[8] උන්වහන්සේද: ඔබ සැමගේ සිත් දැඩිකම නිසා මෝසෙස් ඔබ සැමගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක.[9] තවද මම ඔබ සැමට කියමි-වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.[10] ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්ත්‍රීත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳයයි කීවෝය.[11] එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය.[12] මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.

ශුද්ධවර මාක් 10:12
ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.

ද්විතීය නීති සංග්‍රහය 24:1-4
[1] මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.[2] ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන.[3] දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්,[4] ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට වරද නොපමුණුවන්න.

මලාකි 2:16
මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් ඔබ සැමගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

1 කොරින්ති 7:39
භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමඟ විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.

රෝම 7:2-5
[2] පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.[3] පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.[4] එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස ඔබ සැමද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැදී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය.[5] මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.

හෙබ්‍රෙව් 13:4
විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.

ද්විතීය නීති සංග්‍රහය 24:1
මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.

ශුද්ධවර මතෙව් 19:4-6
[4] උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්,[5] ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් ඔබ සැම කියෙවුවේ නැද්ද?[6] මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

ශුද්ධවර මතෙව් 18:15-17
[15] තවද ඔබේ සහෝදරයා ඔබ සැමට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කී දේ ඔහු ඇසුවොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහිය.[16] නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස ඔබ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.[17] ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු ඔබ සැමට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.

මලාකි 2:14-16
[14] එහෙත් ඔබ සැම: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ ඔබේ පංගුකාරීව, ඔබේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, ඔබම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.[15] ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් ඔබ සැමගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.[16] මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් ඔබ සැමගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

එපීස 5:22-23
[22] භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් ඔබ සැමගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.[23] මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.

1 තිමෝති 5:8
යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

1 කොරින්ති 7:17-24
[17] නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි.[18] යමෙක් චර්මඡේදිතව කැඳවනලද්දේද? ඔහු අචර්මඡේදිත නොවේවා. යමෙක් අචර්මඡේද්‍යයේදී කැඳවනලද්දේද? ඔහු චර්මඡේදිත නොවේවා.[19] දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම මිස චර්මඡේද්‍යය කිසිත් නැත, අචර්මඡේද්‍යයද කිසිත් නැත.[20] යම් පදවියක එක් එක්කෙනා කැඳවනු ලැබුයේද එහිම ඔහු පවතීවා.[21] ඔබ වහලෙක්ව සිටියදී කැඳවනු ලැබුයෙහිද? ඒ ගැන නොසලකන්න. නුමුත් නිදහස්වන්ට පුළුවන් නම් ඒ ප්‍රයෝජනය ලබාගන්න.[22] මක්නිසාද වහලෙක්ව සිටියදී ස්වාමීන්වහන්සේ තුළ කැඳවනු ලැබූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නිර්දාසයාය. එසේම නිර්දාසව සිටියදී කැඳවනු ලැබූ තැනැත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙක්ය.[23] ඔබ සැම මිලේට ගන්නාලද්දහුය; මනුෂ්‍යයන්ගේ වහල්ලු නොවෙන්න.[24] සහෝදරයෙනි, යම් පදවියක එක් එක්කෙනා කැඳවනලද්දේද එහිම ඔහු දෙවියන්වහන්සේ වෙත පවතීවා.

ශුද්ධවර මතෙව් 23:23
ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

රෝම 7:1-3
[1] නොහොත් සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව ඔබ සැම නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.)[2] පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.[3] පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.

ශුද්ධවර ලූක් 6:30
ඔබෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; ඔබේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න.

ශුද්ධවර මතෙව් 19:6-12
[6] මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.[7] ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.[8] උන්වහන්සේද: ඔබ සැමගේ සිත් දැඩිකම නිසා මෝසෙස් ඔබ සැමගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක.[9] තවද මම ඔබ සැමට කියමි-වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.[10] ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්ත්‍රීත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳයයි කීවෝය.[11] එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය.[12] මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.

එපීස 5:31
මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.

ජෙරමියා 3:8
එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.

ක්‍රියා 2:38
පේතෘස්: ඔබ සැම සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව ඔබ සැම ලබන්නහුය.

රෝම 4:15
මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.

1 කොරින්ති 7:14-15
[14] මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් ඔබ සැමගේ දරුවෝ අපවිත්‍රය.[15] නුමුත් දැන් ඔව්හු ශුද්ධය, නුමුත් නොඇදහිලිකාර පක්ෂය අහක්ව යේනම් අහක්ව යේවා. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නුමුත් දෙවියන්වහන්සේ විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය.

ශුද්ධවර මතෙව් 19:1
තවද යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ පසු ගලීලයෙන් පිටත්ව යොර්දානින් එගොඩට යුදයේ සීමාවලට පැමිණිසේක;

1 කොරින්ති 7:8-9
[8] නුමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය.[9] නුමුත් ඔවුන්ට කාම ආශාවෙන් වැලකී සිටින්ට බැරි නම් විවාහ වෙත්වා. මක්නිසාද කාමදාහයට වඩා විවාහය හොඳය.

මලාකි 2:13-16
[13] ඔබ සැම මේ කාරණය දෙවෙනි වරත් කර, ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් නොසලකනසේක, ඔබ සැමගේ අත්වලින් සතුටු සිතින් එය පිළිනොගන්නාසේක.[14] එහෙත් ඔබ සැම: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ ඔබේ පංගුකාරීව, ඔබේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, ඔබම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.[15] ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් ඔබ සැමගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.[16] මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් ඔබ සැමගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

රෝම 7:2
පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.

ශුද්ධවර මතෙව් 9:13
නුමුත්-මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය ඔබ සැම ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.

රෝම 7:3
පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.

1 කොරින්ති 7:27-28
[27] ඔබ භාර්යාවකට බැඳී සිටින්නෙහිද? නිදහස්වෙන්ට නොසොයන්න. භාර්යාවකුගෙන් නිදහස්ව සිටිනෙහිද? භාර්යාවක් නොසොයන්න.[28] එහෙත් විවාහවුවත් එයින් ඔබට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම ඔබ සැම එයින් වලක්වන්ට කැමැත්තෙමි.

උත්පත්ති 2:18-24
[18] ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.[19] ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.[20] මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.[21] ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක.[22] ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.[23] එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය.[24] එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society