A A A A A

පව්: [අතපසු කිරීම]


1 කොරින්ති 14:40
නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.

ධර්මදේශකයා 9:10
කරන්ට ඔබේ අතට සම්බවෙන සියල්ලම ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

ධර්මදේශකයා 11:4
හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.

ගලාති 6:9
තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

හෙබ්‍රෙව් 12:11
කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.

හෙබ්‍රෙව් 10:12
නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

ජාකොබ් 4:17
එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.

ශුද්ධවර ජොහන් 9:4
දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.

ශුද්ධවර ලූක් 12:35
ඔබ සැමගේ ඉඟටි බැඳ ඔබ සැමගේ පහන්ද දල්වා තිබේවා.

ශුද්ධවර ලූක් 12:40
එබැවින් ඔබ සැමත් සූදානම්ව සිටින්න. මක්නිසාද ඔබ සැම නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේයයි කීසේක.

ශුද්ධවර මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

පිලිප්පි 4:13
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

හිතෝපදේශ 10:4
අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.

හිතෝපදේශ 12:24-25
[24] කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය. [25] මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

හිතෝපදේශ 13:4
අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.

හිතෝපදේශ 14:23
සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.

හිතෝපදේශ 18:9
තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.

හිතෝපදේශ 20:4
අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.

හිතෝපදේශ 21:17
සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි; මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.

හිතෝපදේශ 27:1
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි ඔබ නොදන්නෙහිය.

රෝම 7:20-21
[20] ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය.[21] එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ.

එපීස 5:15-17
[15] ඒ නිසා ඔබ සැම ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,[16] දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.[17] මේ නිසා, ඔබ සැම අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

ශුද්ධවර ලූක් 9:59-62
[59] උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය.[60] උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; ඔබ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.[61] තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය.[62] එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.

හිතෝපදේශ 24:30-34
[30] අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; [31] එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. [32] එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. [33] තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි [34] කියන ඔබට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

Sinhala Bible SROV
Ceylon Bible Society