Instagram
English
A A A A A

පව්: [ස්වයංවින්දනය]


1 කොරින්ති 9:27
නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

1 ජොහන් 2:16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

1 පේදුරු 2:11
ප්‍රේමවන්තයෙනි, ඔබ සැම ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස ඔබ සැමගෙන් ඉල්ලමි.

1 කොරින්ති 6:18
වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.

2 තිමෝති 2:22
යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.

ගලාති 5:16
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට ඔබ සැම මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

රෝම 8:6
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

රෝම 13:14
නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

ජාකොබ් 1:13-14
[13] යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.[14] නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.

ගලාති 5:19-21
[19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;[20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;[21] වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම ඔබ සැමට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් ඔබ සැමට කියමි.

1 කොරින්ති 7:3-5
[3] පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.[4] භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.[5] යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් ඔබ සැමගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් ඔබ සැම පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.

1 තෙසලෝනික 4:3-5
[3] දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, ඔබ සැම ශුද්ධව සිටීමය-ඔබ සැම වේශ්‍යාකමින් වැලකී,[4] ඔබ සැමගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව,[5] ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්,

ශුද්ධවර මතෙව් 5:27-30
[27] කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව ඔබ සැම අසා තිබේ.[28] නුමුත් මම ඔබ සැමට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.[29] ඔබේ දකුණු ඇස ඔබ සැමට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද ඔබේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබ සැමට යහපත.[30] ඔබේ දකුණු අත ඔබ සැමට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද ඔබේ මුළු ශරීරය නිරයට යාමට වඩා, ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබ සැමට යහපත.

Sinhala Bible SROV
Ceylon Bible Society