A A A A A

පව්: [වෛරය]


1 ජොහන් 1:6
අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.

1 ජොහන් 2:9-17
[9] ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.[10] තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.[11] නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.[12] මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ සැමට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා ඔබ සැමගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.[13] පියවරුනි, මා ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, ඔබ සැමට ලියා එවන්නේ, ඔබ සැම නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම පියාණන්වහන්සේ අඳුනන බැවින්ය.[14] පියවරුනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, ඔබ සැමට ලියා එවුවේ, ඔබ සැම ශක්තිමත් බැවිනුත් ඔබ සැම තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් ඔබ සැම ජයගත් බැවිනුත්ය.[15] ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.[16] මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.[17] ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

එපීස 4:31
සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා.

හිතෝපදේශ 8:13-25
[13] ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි. [14] මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ. මම නුවණය, මට පරාක්‍රමය තිබේ. [15] මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති. [16] මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති. [17] මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි; [18] වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ. [19] රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය. [20] මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද, [21] මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි. [22] ස්වාමීන්වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී පිහිටෙවුසේක. [23] පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි. [24] ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි. [25] කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්,

හිතෝපදේශ 10:12-18
[12] වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. [13] නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය. [14] ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය. [15] ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය. [16] ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි. [17] ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය. [18] වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.

ගීතාවලිය 5:5
අහංකාරීහු ඔබගේ ඇස් හමුයෙහි නොසිටින්නෝය. අපරාධ ක්‍රියාකරන සියල්ලන්ට ඔබ ද්වේෂකරනසේක.

ගීතාවලිය 31:6
බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි.

ගීතාවලිය 36:2
මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුයෙහි තමාටම චාටුකරගනියි.

ගීතාවලිය 45:7
ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.

ගීතාවලිය 97:10
ස්වාමීන් ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.

ගීතාවලිය 119:163
බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.

රෝම 12:9
ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.

ලෙවී ව්‍යවස්ථාව 19:17-18
[17] ඔබේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. ඔබේ අසල්වාසියාගේ හේතුවෙන් ඔබ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.[18] පළිගන්නේවත් ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.

ශුද්ධවර ලූක් 6:27-28
[27] නුමුත් අසන්නාවූ ඔබ සැමට මම කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට වෛරකරන්නන්ට යහපත කරන්න,[28] ඔබ සැමට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, ඔබ සැමට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.

ශුද්ධවර මතෙව් 5:23-24
[23] එබැවින් ඔබේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, ඔබේ සහෝදරයා ඔබ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී ඔබ සැමට සිහිවී නම්,[24] ඔබේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට ඔබේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් ඔබේ පඬුර පුදන්න.

1 ජොහන් 3:14-15
[14] අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.[15] තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව ඔබ සැම දනිහුය.

1 ජොහන් 4:19-20
[19] අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.[20] යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.

ධර්මදේශකයා 3:1-8
[1] සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.[2] උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;[3] මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය;[4] අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;[5] ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය;[6] සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය;[7] ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය;[8] ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.

Sinhala Bible SROV
Ceylon Bible Society