ද්විතීය නීති සංග්‍රහය 1:28 |
අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය. |
|
ද්විතීය නීති සංග්‍රහය 3:11 |
(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.) |
|
උත්පත්ති 6:4 |
ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය. |
|
යෙසායා 40:22 |
පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්, |
|
ජාකොබ් 2:24 |
මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව ඔබ සැමට පෙනෙන්නේය. |
|
ජෝෂු 11:21 |
ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය. |
|
ජූද් 1:6 |
තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක. |
|
ගණන් කථාව 13:23-33 |
[23] ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.[24] ඉශ්රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.[25] ඔව්හු දේශය සෝදිසිකර සතළිස් දවසකට පසු හැරී ඇවිත්,[26] මෝසෙස් සහ ආරොන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.[27] ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.[28] එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව.[29] අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.[30] කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.[31] එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.[32] ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.[33] එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය. |
|
ගීතාවලිය 3:6 |
මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි. |
|
එළිදරව්ව 17:8 |
ඔබ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය. |
|
රෝම 6:23 |
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. |
|
අාමොස් 2:9-10 |
[9] එහෙත් කිහිරි ගස්වල උස හා සමාන උස ඇත්තාවූ, අලෝන ගස් මෙන් ශක්තිමත්වූ මෝරිවරුන් ඔවුන් ඉදිරියෙන් විනාශකරදැමුවේ මමය; ඉහළින් ඔවුන්ගේ ඵලද පහළින් ඔවුන්ගේ මුල්ද නාස්තිකෙළෙමි.[10] අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට ඔබ සැම මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් ඔබ සැම කාන්තාරයෙහි ගෙනගියෙත් මමය. |
|
ද්විතීය නීති සංග්‍රහය 2:10-21 |
[10] (අනාක්වරුන් මෙන් මහත්ව බොහෝව උස්ව සිටි සෙනඟක් වන ඒමිවරු ඉහතදී එහි විසුවෝය.[11] ඔව්හුද අනාක්වරුන් මෙන් රෙඵායිම් යෝධයෝයයි කල්පනාකරනු ලැබේ. එහෙත් මෝවබ්වරු ඔවුන්ට ඒමිවරුයයි කියති.[12] සේයිර්හිද ඉහත දී හෝරිවරු වාසය කළෝය. එහෙත් ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට දුන් උරුම දේශයට ඔවුන් කළාක් මෙන් ඒසව්ගේ පුත්‍රයෝද ඔවුන් පන්නා දමා තමුන් ඉදිරියෙන් ඔවුන් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි වාසයකළෝය.)[13] දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.[14] අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය.[15] ඔවුන් නැතිවන තුරුම සෙනඟ අතරෙන් ඔවුන් විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේය.[16] මෙසේ සියලු යුද්ධකාරයන් සෙනඟ අතරෙන් මැරී නැතිවී ගියාට පසු,[17] ස්වාමීන්වහන්සේ මට කථාකොට:[18] ඔබ අද මෝවබ් සීමාව වන ආර් පසුකර යන්ට සිටිනෙහිය.[19] අම්මොන් පුත්‍රයන් ඉදිරියට ළංවූ කල ඔවුන්ට සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් ඔබට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.[20] (එයද රෙඵායිම් යෝධයන්ගේ දේශයක්යයි කල්පනා කරනු ලැබේ. රෙඵායිම් යෝධයෝ ඉහතදී එහි විසුවෝය; එහෙත් අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරුයයි කියති;[21] මොව්හු අනාක්වරුන් මෙන් මහත්වූ බොහෝවූ උස්වූ සෙනඟක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් මොවුන් ඉදිරියෙන් විනාශකළසේක; මොව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි විසුවෝය. |
|
උත්පත්ති 6:1-4 |
[1] තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල[2] දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.[3] ස්වාමීන්වහන්සේ ද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.[4] ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය. |
|
1 වංශාවලියේ 20:4-8 |
[4] ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙසෙර්හි යුද්ධයක් හටගත්තේය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සිප්පයි මැරුවේය. ඔව්හු යටත්කරනු ලැබුවෝය.[5] නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය; යායිර්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරවූ ලඃමී මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩකට සමාන විය.[6] නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය, ඔහුට අත්පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේය; ඔහුද යෝධයාට දාව උපන්නේය.[7] ඔහු ඉශ්රායෙල්වරුන්ට මිගාකී කල දාවිත්ගේ සහෝදරයා වන ෂීමියාගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරුවේය.[8] මොව්හු ගාත්හිදී යෝධයාට දාව උපන් අයය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය. |
|
2 සාමුවෙල් 21:15-22 |
[15] නැවත ඉශ්රායෙල් සමඟ පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය; දාවිත්ද තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන්කෙළේය. දාවිත් විඩාවට පැමිණියේය.[16] එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.[17] නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.[18] ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සප් මැරුවේය.[19] නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය.[20] නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය. ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය.[21] ඔහු ඉශ්රායෙල්වරුන්ට මිග කී කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරීය.[22] ඒ සතරදෙනා ගාත්හිදී යෝධයා නිසා උපන්නෝය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |