A A A A A

අභිරහස්: [සිහින]


1 සාමුවෙල් 28:15
එවිට සාමුවෙල්: මා නැගිටවීමෙන් ඔබ මා කැලඹුවේ මක්නිසාදැයි සාවුල්ගෙන් ඇසුවේය. සාවුල්ද: මම තද අමාරුවට පත්ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධව යුද්ධකෙරෙති, දෙවියන්වහන්සේ මා කෙරෙන් අහක්ව ගියසේක, උන්වහන්සේ දැන් අනාගතවක්තෘන් කරණකොටගෙනවත් ස්වප්නවලින්වත් මට උත්තරදෙන්නේ නැත. එබැවින් මා විසින් කළයුතුදේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬගැස්වීමියි කීවේය.

ක්‍රියා 2:17
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, ඔබ සැමගේ තරුණයෝද දර්ශන දකින්නෝය. ඔබ සැමගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.

දානියෙල් 1:17
මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන් සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.

ධර්මදේශකයා 5:7
මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් ඔබ දෙවියන්වහන්සේට භයවෙන්න.

උත්පත්ති 20:3
නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, ඔබ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා ඔබ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.

උත්පත්ති 40:8
ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.

උත්පත්ති 42:9
එවිට යෝසෙප් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට: ඔබ සැම ඔත්තුකාරයෝය; දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔවුන්ට කීය.

ජෙරමියා 23:32
මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ශුද්ධවර මතෙව් 2:13
ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබ සැමට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය.

ශුද්ධවර මතෙව් 2:19
නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී:

ගණන් කථාව 12:6
ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. ඔබ සැම අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.

සෙකරියා 10:2
තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.

ජෝවෙල් 2:28
ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, ඔබ සැමගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, ඔබ සැමගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.

යෙසායා 29:7-8
[7] අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.[8] බඩගිනි ඇත්තා කනවාය කියා හීනෙන් දකින්නාක්මෙන් වේ; ඔහු පිබිදුණාම ඔහුගේ බඩ හිස්ව තිබේ. නොහොත් පිපාසා ඇත්තා බොනවාය කියා හීනෙන් දකින්නාක්මෙන්ය; පිබිදුණාම ඔහු ක්ලාන්තව පිපාසාව සිටින්නේය. සියොන් කන්දට විරුද්ධව සටන් කරන සියලු ජාතීන්ගේ සමූහයාට එසේම වන්නේය.

දානියෙල් 7:1-3
[1] බබිලෝනියේ රජවූ බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය.[2] දානියෙල් කථාකොට කියනුයේ: රාත්‍රියේ මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි-ආකාශයේ හුළං සතර මහා මුහුදට සැරෙන් ගැසුවේය.[3] එකිනෙකාට වෙනස්වූ මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී ආවෝය.

ද්විතීය නීති සංග්‍රහය 13:1-3
[1] ඔබ සැම අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,[2] ඔබ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් ඔබට නියමකළ කල්හි, ඔහු ඔබට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්,[3] ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද ඔබ සැම ප්‍රේමකරනවාදැයි දැනගන්ට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සෝදිසිකරන සේක.

උත්පත්ති 41:25-27
[25] එවිට යෝසෙප් ඵාරාවෝට කථාකොට: ඵාරාවෝගේ ස්වප්නය එකක්මය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට ප්‍රකාශ කළසේක.[26] හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය.[27] උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය.

ශුද්ධවර මතෙව් 1:20-23
[20] නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, ඔබේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.[21] ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.[22] මේ සියල්ල සිද්ධවූයේ- බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා[23] ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.

උත්පත්ති 41:8-12
[8] උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.[9] එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.[10] ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය.[11] මමත් ඔහුත් එක රාත්‍රියෙහි ස්වප්නයක් දුටිමුව; අපි එක් එක්කෙනා තම තමාට අදාළවූ අර්ථ ඇති ස්වප්නයක් දුටිමුව.[12] රැකවලුන්ගේ අධිපතියාගේ මෙහෙකරුවූ හෙබ්‍රෙව් තරුණයෙක් අප සමඟ එහි සිටියේය; ඔහුට අපේ ස්වප්න කීවෙමුව, ඔහු ඒවා අපට තෝරාදුන්නේය; එක් එක්කෙනාගේ ස්වප්නයේ හැටියට තේරුම කියාදුන්නේය.

ජෝබ් 33:14-18
[14] මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරදක්, එසේය, දෙවරක්, [15] ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක. [16] එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර, [17] ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද, [18] උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society