2 කොරින්ති 4:16-19 |
[16] 그러므로 우리는 낙심하지 않습니다. 우리의 겉사람은 쇠할지라도 우리의 속사람은 날마다 새로워지고 있습니다.[17] 우리가 잠시 당하는 가벼운 고난은 그것 모두를 능가하고도 남을 영원한 영광을 우리에게 이뤄 줄 것입니다.[18] 우리가 주목하는 것은 보이는 것들이 아니라 보이지 않는 것들입니다. 보이는 것들은 잠깐이나 보이지 않는 것들은 영원하기 때문입니다.[19] 우리는 땅 위에 있는 우리의 장막집이 무너지면 하나님께서 손으로 지으신 집, 곧 손으로 지은 것이 아닌 하늘에 있는 영원한 집이 우리에게 있는 것을 알고 있습니다. |
|
ගීතාවලිය 107:20 |
උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක. |
|
යෙසායා 40:31 |
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති. |
|
ද්විතීය නීති සංග්රහය 31:6 |
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය. |
|
ශුද්ධවර මතෙව් 11:28-29 |
[28] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.[29] මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ සැම පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබ සැමගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. |
|
ගීතාවලිය 18:6 |
මාගේ විපත්තියේදී ස්වාමීන් ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය. |
|
ධර්මදේශකයා 3:1 |
සෑම දේටම ප්රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. |
|
ජෙරමියා 29:11 |
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
ශුද්ධවර ජොහන් 14:1-4 |
[1] ඔබ සැමගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න.[2] මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් ඔබ සැමට කියනවා ඇත; මක්නිසාද ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.[3] මම ගොස් ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන ඔබ සැමත් සිටින පිණිස මම නැවත ඇවිත් ඔබ සැම මා ළඟට ගන්නෙමි.[4] මා යන ස්ථානයට මාර්ගය ඔබ සැම දන්නහුයයි කීසේක. |
|
රෝම 8:16-25 |
[16] අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.[17] තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.[18] මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.[19] මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්රාර්ථනාවෙන් බලා සිටියි.[20] මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී,[21] දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය.[22] මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.[23] එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නැමති ප්රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.[24] මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?[25] නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව. |
|
1 පේදුරු 1:3 |
අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ, |
|
2 කොරින්ති 1:3-6 |
[3] දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්රශංසාවේවා.[4] අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.[5] මක්නිසාද යම්සේ ක්රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය.[6] අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි ඔබ සැමගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ ඔබ සැමගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම ඔබ සැම විසිනුත් ඉවසීමෙන්ය. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |