A A A A A

අභිරහස්: [පිටසක්වල ජීවීන්]


කොලොස්සි 1:16
මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;

ද්විතීය නීති සංග්‍රහය 4:19
ඔබේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.

ද්විතීය නීති සංග්‍රහය 17:3
මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,

එපීස 2:19
ඒ නිසා ඔබ සැම තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය.

එපීස 6:12
මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

නික්මයාම 12:49
දේශයෙහි උපන් තැනැත්තාටත් ඔබ සැම අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.

නික්මයාම 22:21
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.

නික්මයාම 23:9
විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය.

එසකියෙල්ගේ 1:4-7
[4] මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.[5] තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.[6] ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.[7] ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය.

උත්පත්ති 1:26
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

උත්පත්ති 2:1
මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය.

හෙබ්‍රෙව් 11:13
මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.

හෙබ්‍රෙව් 13:2
ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.

යෙසායා 13:5
ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ උදහසේ ආයුධ වන ඔව්හු මුළු දේශය වනසන්ට දුර දේශයකින් අහසේ කෙළවර සිට එති.

යෙසායා 45:12
පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.

යෙසායා 60:8
වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?

ලෙවී ව්‍යවස්ථාව 24:22
ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් ඔබ සැමට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.

නෙහෙමියා 9:6
ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ ය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.

ගීතාවලිය 97:6
ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.

1 පේදුරු 2:11
ප්‍රේමවන්තයෙනි, ඔබ සැම ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස ඔබ සැමගෙන් ඉල්ලමි.

ක්‍රියා 19:35
නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද?

එළිදරව්ව 12:12
එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව ඔබ සැම වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.

එළිදරව්ව 13:1
අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.

අාමොස් 9:2-3
[2] ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.[3] ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.

ලෙවී ව්‍යවස්ථාව 19:33-34
[33] විදේශියෙක් ඔබ සැමගේ දේශයෙහි ඔබ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න.[34] ඔබ සැම ළඟ වාසයකරන විදේශියා ඔබ සැම අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, ඔබට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.

එළිදරව්ව 9:7-11
[7] පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය; උන්ගේ හිස් පිට රන් වැනිවූ ඔටුනු තිබුණාක්මෙන් විය, උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණ වාගේය.[8] ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් කේශ උන්ට තිබුණේය, උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේය.[9] යකඩ ළයවැසුම් මෙන් ළයවැසුම් උන්ට තිබුණේය; උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්ව රථවල ශබ්දය වාගේය.[10] ගෝනුස්සන්ට මෙන් වල්ගාද කටුද උන්ට තිබේ; මනුෂ්‍යයන්ට පස් මසක් අනතුරුකරන්ට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවලය.[11] පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය.

උත්පත්ති 6:1-22
[1] තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල[2] දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.[3] ස්වාමීන්වහන්සේ ද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.[4] ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.[5] මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.[6] තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.[7] ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.[8] එහෙත් නෝවා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලැබුයේය.[9] නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.[10] නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය.[11] පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.[12] දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.[13] දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.[14] ඔබ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න.[15] ඔබ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය.[16] නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න.[17] බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.[18] එහෙත් ඔබ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය.[19] තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් ඔබ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.[20] ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් ඔබ වෙතට පැමිණෙන්නෝය.[21] කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් ඔබ වෙතට රැස්කරගන්න; ඒවා ඔබටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක.[22] නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.

එසකියෙල්ගේ 1:1-28
[1] තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘත වී දේවදර්ශන මට පෙනුණේය.[2] යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වෙනි අවුරුද්දේ මාසයේ පස්වෙනිදා,[3] කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේ ගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේ ගේ අතද එහිදී ඔහු පිට විය.[4] මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.[5] තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.[6] ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.[7] ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය.[8] ඔවුන්ගේ සතර පැතිවල ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් තිබුණේය. ඒ සතරදෙනාගේ මුහුණු සහ පියාපත්ද මෙසේය:[9] ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැදී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.[10] ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය.[11] ඔවුන්ගේ මුහුණු ද ඔවුන්ගේ පියාපත්ද ඉහළින් වෙන්ව තිබුණේය. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් කෙනෙකුගේ පියාපත් දෙකකට වැදී තිබුණේය. දෙකකින් ඔවුන්ගේ ශරීරය වැසී තිබුණේය.[12] ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය.[13] ඒ සත්වයන්ගේ ස්වරූපය මෙසේය: ඔවුන්ගේ පෙනීම ඇවිළෙන ගිනිඅඟුරු මෙන්ය, පන්දම්වල පෙනීම මෙන්ය; ගින්න සත්වයන් අතරේ එහා මෙහා ගියේය. එය දීප්තිමත්ව තිබුණේය, ඒ ගින්නෙන් විදුලි නික්මුණේය.[14] ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය.[15] මා සත්වයන් දෙස බලා සිටියදී සත්වයන් ළඟ එක එකාගේ මුහුණු සතරට චක්‍රයක් බැගින් පොළොව පිට තිබෙනවා දුටිමි.[16] චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.[17] ඒවා යන විට නොහැරී ඒවායේ පැති සතරේ ප්‍රකාරයට ගියේය.[18] ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය.[19] සත්වයන් යන විට චක්‍රත් ඔවුන් කැටුව ගියේය. සත්වයන් පොළොවෙන් නගින විට චක්‍රද නැංගේය.[20] ආත්මය යන්ට සිටි කොයි තැනකට නුමුත් ඔව්හු ගියෝය; ආත්මය යන්ට කැමැතිවූ ස්ථානයකට චක්‍රත් ඔවුන් එක්වම නැංගේය; මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.[21] ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.[22] තවද සත්වයාගේ හිසට උඩින් භයානක පළිඟුවල පාට වැනි ආකාශයක සමානත්වයක් තිබුණේය, එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේය.[23] ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකකට එකක් කෙළින්ව තිබුණේය. එකිනෙකාගේ ශරීරයේ එහා පැත්ත දෙකකින්ද මෙහා පැත්ත දෙකකින්ද වැසී තිබුණේය.[24] ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.[25] ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් හඬක් පැමිණුණේය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.[26] ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.[27] එහි තුළ වටකරින් උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළටත් ගිනිපෙනීමක් මෙන්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දුටිමි.[28] වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේ ගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.

Sinhala Bible SROV
Ceylon Bible Society