A A A A A

ගණිත සං .ා: [අංකය 7]


2 රාජාවලියේ 5:10
එලිෂා: ඔබ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට ඔබේ මාංසය හරිගැහී ඔබ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.

ද්විතීය නීති සංග්‍රහය 5:12
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.

නික්මයාම 22:30
ඔබේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.

ශුද්ධවර ජොහන් 6:35
යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.

ශුද්ධවර මතෙව් 26:26
ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.

ගණන් කථාව 4:7
පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.

ජෝෂු 6:3-4
[3] යුද්ධකාරයෝවූ ඔබ සැම සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් ඔබ විසින් එසේ කළ යුතුය.[4] පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.

උත්පත්ති 2:1-3
[1] මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය.[2] දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.[3] දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.

උත්පත්ති 9:12-16
[12] තවද දෙවියන්වහන්සේ: මා සහ ඔබ සැමද ඔබ සැම සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය:[13] මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය.[14] මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නේය,[15] එවිට මා සහ ඔබ සැමද සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තාවූ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; වතුර කරණකොටගෙන සියලු සත්වයන් විනාශනොවන පිණිස තවත් ජලගැලීමක් නොවන්නේය.[16] දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society