A A A A A

ගණිත සං .ා: [අංකය 5]


එළිදරව්ව 13:5-18
[5] අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.[6] එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසයකරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය[7] තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.[8] ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.[9] යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා.[10] යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.[11] තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.[12] ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.[13] ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය.[14] කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.[15] මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය.[16] තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණෙත් හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්;[17] ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය.[18] මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය.

ශුද්ධවර මතෙව් 19:9
තවද මම ඔබ සැමට කියමි-වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.

එළිදරව්ව 11:2-3
[2] මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.[3] තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.

ශුද්ධවර මතෙව් 5:32
මම ඔබ සැමට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.

2 තිමෝති 3:16
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

එළිදරව්ව 4:6-8
[6] සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය.[7] පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය.[8] එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.

ගණන් කථාව 5:11-31
[11] ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:[12] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න-යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරැද්දක් කර,[13] පුරුෂයෙක් ඈ සමඟ සයනය කරන්නේ නම්, එය ඇගේ පුරුෂයාගෙන් සැඟවී රහස්ව තිබේ නම්, ඈ අපවිත්‍රව සිටින නුමුත් ඈට විරුද්ධ සාක්ෂියක් නැත්තේවී නම්, ඈ වරද කරද්දී අසුනොවීනම්,[14] ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්,[15] ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා.[16] එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා,[17] මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා,[18] ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන,[19] ඈ දිවුරවමින් ඈට කථාකොට: ඔබේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු ඔබ සමඟ සයනය නොකළානම්, ඔබ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් ඔබට අන්තරා නොවේවා.[20] එහෙත් ඔබේ පුරුෂයා යටතේ සිටියදී ඔබ අහක්ව ගොස් කිලුටුවීනම්, ඔබේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු ඔබ සමඟ සයනයකෙළේනම්,[21] ස්වාමීන්වහන්සේ ඔබේ කළවය ක්ෂයවීයන්ටත් ඔබේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ ඔබේ සෙනඟ අතරෙහි ඔබ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා.[22] බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර ඔබේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්, ආමෙන්යයි කියාවා.[23] එවිට පූජකයා මේ ශාප පොතක ලියා එය තික්ත වතුරට සෝදා දමා,[24] ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය.[25] පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්,[26] ආහාර පූජාවේ සිහිවීමේ කොටසක් කොට එයින් අහුරක් ගෙන පූජාසනය පිට දවාවා, පසුව ඔහු ඒ වතුර ස්ත්‍රියට බොන්ට සලස්වාවා.[27] එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරැද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය.[28] නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භිණී වන්නීය.[29] කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,[30] මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය.[31] එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.

1 රාජාවලියේ 7:23
ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.

ද්විතීය නීති සංග්‍රහය 6:4
එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේ ය.

මලාකි 3:10
මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස ඔබ සැම ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් ඔබ සැමට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් ඔබ සැමට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ගීතාවලිය 104:9
ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.

උත්පත්ති 6:12
දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.

උත්පත්ති 7:20
කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය.

උත්පත්ති 8:5-9
[5] දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.[6] සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය.[7] ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය.[8] ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය;[9] එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය.

උත්පත්ති 9:11
ඔබ සැම සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක.

උත්පත්ති 1:31
දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.

උත්පත්ති 3:15
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

නික්මයාම 20:13
මිනීනොමරව.

Sinhala Bible SROV
Ceylon Bible Society