1 තිමෝති 2:5 |
මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය. |
|
2 තිමෝති 3:16 |
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. |
|
ක්‍රියා 17:28 |
මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි ඔබ සැමගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. |
|
කොලොස්සි 2:9 |
මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය. |
|
නික්මයාම 3:14 |
එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමි යි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක. |
|
උත්පත්ති 1:26 |
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. |
|
හෙබ්‍රෙව් 4:12 |
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. |
|
ශුද්ධවර ජොහන් 4:24 |
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක. |
|
ලෙවී ව්‍යවස්ථාව 19:28 |
මළවුන් නිසා ඔබ සැමගේ ශරීරවල කැපුමක් කර නොගන්න, ඔබ සැමගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම ස්වාමීන්වහන්සේ ය. |
|
ශුද්ධවර මතෙව් 12:40 |
මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය. |
|
එළිදරව්ව 1:4 |
යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද, |
|
තීතස් 1:12 |
ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ. |
|
1 කොරින්ති 15:33 |
නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය. |
|
1 ජොහන් ५:७-९ |
[७] සාක්ෂිදෙන්නේ ආත්මයාණන්වහන්සේය. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය.[८] සාක්ෂිදරන තුන්දෙනෙක් සිටිති: ආත්මයාණන්වහන්සේය, වතුරය, ලේය. මේ තුන්දෙනම එකඟවෙති.[९] මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම්, දෙවියන්වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. මක්නිසාද දෙවියන්වහන්සේගේ සාක්ෂිය මේය, එනම් තමන් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂිදී තිබෙන බවය. |
|
ශුද්ධවර ජොහන් 3:16-18 |
[16] මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.[17] මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.[18] උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |