රෝම 8:28 |
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව. |
|
ජෙරමියා 29:11 |
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
පිලිප්පි 4:6-7 |
[6] ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.[7] එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත. |
|
ශුද්ධවර ලූක් 6:16 |
යාකොබ්ගේ පුත්‍රවූ යූදස් සහ ද්‍රෝහියාවු යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය. |
|
ගීතාවලිය 34:18 |
ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක. |
|
යෙසායා 40:28-31 |
[28] පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් ඔබ දන්නේ නැද්ද? ඔබ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.[29] උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.[30] තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.[31] නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති. |
|
හිතෝපදේශ 3:5 |
ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න |
|
ගීතාවලිය 42:11 |
එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. |
|
කොලොස්සි 3:23-25 |
[23] ඔබ සැමට ඔබ සැමගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,[24] ඔබ සැම කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. ඔබ සැම සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.[25] මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය. |
|
ධර්මදේශකයා 1:2 |
නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය. |
|
ධර්මදේශකයා 12:8 |
නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය. |
|
හෙබ්‍රෙව් 11:6 |
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය. |
|
හෙබ්‍රෙව් 13:5 |
ඔබ සැමට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |