A A A A A

ජීවිතය: [පරීක්ෂාව]


ජාකොබ් 1:13-18
[13] යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.[14] නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.[15] එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.[16] මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න.[17] සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.[18] අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.

ශුද්ධවර ලූක් 22:40
උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: ඔබ සැම පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක.

ශුද්ධවර ජොහන් 8:6
ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.

ශුද්ධවර මතෙව් 6:13
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.

ශුද්ධවර ලූක් 11:4
අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.

ශුද්ධවර ලූක් 4:13
යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.

1 කොරින්ති 7:2
නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

ශුද්ධවර මතෙව් 4:7
යේසුස්වහන්සේද: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක.

ශුද්ධවර මාක් 8:11
එකල පරිසිවරු ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට පටන්ගත්තෝය.

ශුද්ධවර මතෙව් 22:18
නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, ඔබ සැම මා පරීක්ෂාකරන්නේ මක්නිසාද?

හිතෝපදේශ 7:25-26
[25] ඔබේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න. [26] මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය.

ජාකොබ් 4:1-4
[1] ඔබ සැම අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධකරන ඔබ සැමගේ තෘෂ්ණාවලින් නොවේද?[2] ඔබ සැම ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. ඔබ සැම ඩබරද යුද්ධද කරන්නහුය; ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය.[3] ඔබ සැම ඉල්ලන නුමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.[4] කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව ඔබ සැම දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.

1 පේදුරු 4:12
ප්‍රේමවන්තයෙනි, ඔබ සැම සෝදිසි කිරීම පිණිස පැමිණෙන ඔබ සැම අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් ඔබ සැමට සිද්ධවෙන්නාක්මෙන් පුදුම නොවෙන්න.

2 පේදුරු 2:9
භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,

ගලාති 4:14
මාගේ මාංසය සම්බන්ධයෙන් ඔබ සැමට පරීක්ෂාවක්ව තිබුණු දේ ඔබ සැම සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව ඔබ සැම දන්නහුය.

1 තෙසලෝනික 3:5
මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් ඔබ සැමව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා ඔබ සැමගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.

1 තිමෝති 5:8
යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

1 තිමෝති 6:9
නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society