A A A A A

ජීවිතය: [දෙමාපිය]


කොලොස්සි 3:21
පියවරුනි, ඔබ සැමගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.

එපීස 6:4
පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.

නික්මයාම 20:12
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරවකරව.

හෙබ්‍රෙව් 12:11
කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.

හිතෝපදේශ 13:24
ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.

හිතෝපදේශ 22:6
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

හිතෝපදේශ 29:15
ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.

හිතෝපදේශ 29:17
ඔබේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු ඔබට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු ඔබේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.

විලාප ගී 3:22-23
[22] අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේ ගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. [23] ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.

ශුද්ධවර මතෙව් 6:33-34
[33] නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.[34] එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

පිලිප්පි 4:6-7
[6] ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.[7] එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

හිතෝපදේශ 1:8-9
[8] මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ගුරුකම අසන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. [9] මක්නිසාද ඒවා ඔබේ හිසට හොබනා මාලාවක්ද ඔබේ බෙල්ලට මාලයක්ද වෙත්.

1 පේදුරු 5:2-3
[2] ඔබ සැම අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,[3] ඔබ සැමගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව ඔබ සැමම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.

ක්‍රියා 2:38-39
[38] පේතෘස්: ඔබ සැම සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව ඔබ සැම ලබන්නහුය.[39] මක්නිසාද ඒ පොරොන්දුව ඔබ සැමටත් ඔබ සැමගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,

ගීතාවලිය 127:3-5
[3] බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. [4] බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය. [5] එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.

2 තිමෝති 3:14-16
[14] එහෙත් ඔබ ඉගෙනගත්තාවූ, ඔබට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්,[15] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස ඔබ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි ඔබ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.[16] දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

ද්විතීය නීති සංග්‍රහය 6:6-9
[6] මා විසින් අද ඔබට අණකරන මේ වචන ඔබේ සිතේ තිබේවා.[7] ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මග යන කලද ඔබ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.[8] ඒවා ඔබේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.[9] ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද ඔබේ දොරවල් පිටද ලියන්න.

එපීස 6:1-4
[1] දරුවෙනි, ඔබ සැමගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.[2] ඔබට වැඩසිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,[3] ඔබේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.[4] පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.

ජෝෂු 4:20-24
[20] ඔවුන් යොර්දානෙන් ගත්තාවූ ඒ ගල් දොළොස යෝෂුවා ගිල්ගාල්හි සිටුවා,[21] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ ඔබ සැමගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට,[22] ඔබ සැම ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය.[23] මක්නිසාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන්වහන්සේ ගේ හස්තය බලවත් බව දැනගන්න පිණිසත්, ඔවුන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට සෑම කල්හිම භයවෙන පිණිසත්,[24] ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් ඔබ සැම මෙතර වෙන තුරු ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යොර්දානේ ජලය ඔබ සැම ඉදිරියෙනුත් හින්දවා දැමූසේක කියා දන්වන්නැයි කීවේය.

හෙබ්‍රෙව් 12:7-11
[7] ඔබ සැම ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් ඔබ සැම කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද?[8] එහෙත් සියල්ලන් ලබන දඬුවමට ඔබ සැම පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ සැම පුත්‍රයෝ නොව අවජාතකයෝය.[9] තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?[10] මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.[11] කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.

ගීතාවලිය 78:1-7
[1] ආසාප්ගේ අනුශාසනාවකි. එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්.[2] උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ, [3] අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි. [4] අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන් ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව. [5] එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක. [6] මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්, [7] තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,

තීතස් 2:2-8
[2] එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.[3] එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.[4] මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්,[5] සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.[6] එසේම යෞවනයන්ට සිහියෙන් යුක්තව සිටින්ට අවවාදකරන්න.[7] සියල්ලෙහිදී ඔබම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,[8] ලජ්ජාවන පිණිස ඔබේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.

හිතෝපදේශ 3:1-12
[1] මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, ඔබේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. [2] මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද ඔබට වැඩිවන්නේය. [3] කරුණාව සහ සත්‍යවාදිකම ඔබෙන් පහ නොවේවා. ඒවා ඔබේ ගෙල වටේ බැඳගන්න; ඔබේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. [4] එවිට ඔබ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. [5] ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න [6] ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත. [7] ඔබ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. [8] ඒක ඔබේ නහරවලට සනීපයද ඔබේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. [9] ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේ ට ගෞරව කරන්න. [10] එවිට ඔබේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, ඔබේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය. [11] මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. [12] මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society