A A A A A

ජීවිතය: [සතුට]


ගීතාවලිය 37:4
ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

යෙසායා 12:2-3
[2] බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.[3] එබැවින් ඔබ සැම ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

රෝම 5:2
අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.

2 කොරින්ති 12:10-11
[10] එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.[11] මම අඥානයෙක් වී සිටිමි. ඊට ඔබ සැම මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ ඔබ සැම විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.

ශුද්ධවර මතෙව් 5:8
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

1 ජොහන් 3:18
මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.

1 පේදුරු 4:13
නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් ඔබ සැම ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි ඔබ සැම පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.

ද්විතීය නීති සංග්‍රහය 33:29-30
[29] එම්බා ඉශ්‍රායෙල්, ඔබ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ ඔබට සමාන කවුද? උන්වහන්සේ ඔබට උපකාර කරන පලිහත් ඔබේ මහිමයේ කඩුවත්ය. ඔබේ සතුරෝ ඔබට යටත් වන්නෝය; ඔබද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය. [30] ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,

2 වංශාවලියේ 9:7
ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය.

ජෝබ් 5:17
බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.

හිතෝපදේශ 16:20
දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.

ගීතාවලිය 37:4-14
[4] ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක. [5] ඔබගේ මාර්ගය ස්වාමීන් ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක. [6] උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක. [7] ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව. [8] තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. [9] මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. [10] මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. [11] නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. [12] දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි. [13] ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි. [14] දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society