A A A A A

ජීවිතය: [සෞඛ්‍යය]


1 කොරින්ති 6:19-20
[19] නොහොත් ඔබ සැමගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?[20] ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

3 ජොහන් 1:2
ප්‍රේමවන්තය, ඔබේ ආත්මය සඵලවන්නාක්මෙන්ම ඔබ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

1 කොරින්ති 10:31
එහෙයින් ඔබ සැම කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.

1 තිමෝති 4:8
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.

හිතෝපදේශ 17:22
තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.

හිතෝපදේශ 31:17
ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.

එපීස 5:18
මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;

හිතෝපදේශ 20:1
මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.

ද්විතීය නීති සංග්‍රහය 7:12-15
[12] තවද ඔබ සැම මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව ඔබ සමඟ පවත්වා,[13] ඔබට ප්‍රේමවී, ඔබට ආශීර්වාදකොට, ඔබ වැඩිකර, ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී ඔබේ ගර්භයෙහි ඵලයට සහ ඔබේ භූමියේ ඵලය වන ඔබේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.[14] ඔබ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. ඔබ සැම අතරෙහිද ඔබ සැමගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.[15] ස්වාමීන්වහන්සේ සියලු රෝග ඔබ කෙරෙන් පහකොට, ඔබ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවා, ඔබට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.

ජෙරමියා 33:6
බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.

ක්‍රියා 27:34
එබැවින් කෑම කන මෙන් ඔබ සැමට අවවාදකරමි. මක්නිසාද එය ඔබ සැමගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. ඔබ සැමගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.

ද්විතීය නීති සංග්‍රහය 28:53
ඔබේ සතුරන් විසින් ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී ඔබේ ශරීරයේ ඵලය වන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය.

ලෙවී ව්‍යවස්ථාව 11:1-4
[1] ස්වාමීන්වහන්සේ මෝසෙස්ටත් ආරොන්ටත් කථාකොට කියනසේක්:[2] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේකියන්න-පොළොවෙහි සියලු මෘගයන් අතරෙන් ඔබ සැම විසින් කෑ යුතු වන්නේ මේ ජීවමාන සත්වයෝය.[3] මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් ඔබ සැමට කන්ට පුළුවන.[4] එසේ වී නුමුත් වමාරාකන මෘගයන්ගෙන්ද කුරය බෙදුණවුන්ගෙන්ද මොවුන් ඔබ සැම විසින් නොකෑ යුතුය: එනම් ඔටුවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඔබ සැමට අපවිත්‍රය.

එළිදරව්ව 14:12
මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.

හිතෝපදේශ 16:24
ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.

හිතෝපදේශ 4:20-22
[20] මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට ඔබේ කන නමන්න. [21] ඒවා ඔබේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; ඔබේ සිත තුළ ඒවා තබාගන්න. [22] මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.

හිතෝපදේශ 3:7-8
[7] ඔබ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. [8] ඒක ඔබේ නහරවලට සනීපයද ඔබේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

නික්මයාම 15:26
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට ඔබ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි ඔබ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society