A A A A A

ජීවිතය: [වරද]


හෙබ්‍රෙව් 10:22
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

ජාකොබ් 2:10
මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.

හෙබ්‍රෙව් 10:2
පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?

ද්විතීය නීති සංග්‍රහය 5:17
මිනී නොමරව.

ගීතාවලිය 32:1-6
[1] දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.[2] ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය. [3] මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. [4] මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය. [5] මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන් ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක. [6] එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.

ජෙරමියා 51:5
මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේද යූදාවරුන්ගේද දේශය ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව කළ වරදෙන් පිරී තිබෙන නුමුත්, ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් එය අත්හරිනු නොලැබීය.

හොසියා 5:15
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.

ලෙවී ව්‍යවස්ථාව 5:14-19
[14] ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:[15] යමෙක් ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට ඔබ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,[16] ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.[17] යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.[18] ඔහු ඔබ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.[19] සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.

ලෙවී ව්‍යවස්ථාව 7:1-10
[1] අපරාධ පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: එය අති ශුද්ධය.[2] ඔව්හු දවන පූජාවේ සතා මරන තැනදී අපරාධ පූජාවේ සතාද මරත්වා. ඔහු උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසීවා.[3] ඔහු උගේ තෙල සියල්ල පුදන්නේය; තර වල්ගේද අතුණු වැසී තිබෙන තෙලද,[4] වකුගඩු දෙකද ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද අක්මාව පිට දැලද වකුගඩු සමඟ වෙන්කෙරේවා.[5] පූජකයා ඒවා ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් පිණිස පූජාසනය පිට දැවිය යුතුය. එය අපරාධ පූජාවක්ය.[6] පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.[7] පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමඟිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.[8] යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය.[9] උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.[10] තෙලින් මිශ්‍රවූද අමිශ්‍රවූද සියලු ආහාර පූජා ආරොන්ගේ පුත්‍රයන් හැමදෙනාටම එකාකාරයෙන් හිමිවන්නේය.

උත්පත්ති 26:10
අබිමෙලෙක්: ඔබ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් ඔබේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට ඔබ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.

ගණන් කථාව 5:5-10
[5] ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:[6] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කර ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම,[7] ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා.[8] නුමුත් වන්දියේ ගණන ලබන්ට ඒ මනුෂ්‍යයාට නෑයෙක් නැත්නම් වරද ගැන තමා උදෙසා සමඟිකමක් කිරීමට වරදකාරයා දෙන බැටළුවා හැර ස්වාමීන්වහන්සේ ට දෙන වන්දියේ ගණනත් පූජකයාට වන්නේය.[9] ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය.[10] එක එක මනුෂ්‍යයාගේ විශුද්ධ දේ ඔහුට වන්නේය. යම් මනුෂ්‍යයෙක් පූජකයාට දෙන කොයි දේත් ඔහුට වන්නේයයි කියන්නැයි කීසේක.

ලෙවී ව්‍යවස්ථාව 5:1-5
[1] යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.[2] නොහොත් යම් කෙනෙක් අපවිත්‍රවූ යමක එනම් අපවිත්‍ර මෘගයෙකුගේ මළ කඳක හෝ අපවිත්‍ර සිව්පාවන්ගේ මළකඳක හෝ බඩගායන අපවිත්‍ර සතුන්ගේ මළකඳක හෝ ස්පර්ශවුණොත් ඔහු එය නොදැන සිටිය නුමුත් ඔහු අපවිත්‍රව වරදකාරයෙක් වන්නේය.[3] නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.[4] නොහොත් යමෙක් නපුර කිරීමට හෝ යහපත කිරීමට හෝ ඉක්මන්ව කථාකරමින් දිවුරුවොත්, මනුෂ්‍යයෙක් දිවිරීමකින් ඉක්මන්ව කථාකරන කොයි දෙයක් වුවත් ඔහු නොදැන සිටිය නුමුත්, ඔහු එය දැනගත් කල මේ දේවලින් එකක් ගැන ඔහු වරදකාරයෙක් වන්නේය.[5] එසේ ඔහු මේ දේවලින් එකක් ගැන වරදකාරයෙක් වූ කල ඒ දේ ගැන පව්කළ බව කියාදී,

ලෙවී ව්‍යවස්ථාව 5:15-16
[15] යමෙක් ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට ඔබ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,[16] ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

ලෙවී ව්‍යවස්ථාව 4:2-3
[2] ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න-නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.][3] සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේ ට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.

ලෙවී ව්‍යවස්ථාව 4:13
මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,

ලෙවී ව්‍යවස්ථාව 4:27
පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,

ගීතාවලිය 32:1-5
[1] දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.[2] ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය. [3] මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. [4] මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය. [5] මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන් ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.

යෙසායා 6:7
ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක ඔබේ තොල්වල තැවරුණේය; මෙසේ ඔබේ අපරාධය පහකරනලද්දේය, ඔබේ පාපය කමාකරනලද්දේයයි කීය.

1 ජොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

හෙබ්‍රෙව් 9:14
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් ඔබ සැමගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?

ගීතාවලිය 103:12
නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

රෝම 3:21-23
[21] නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය.[22] එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත;[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

2 කොරින්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.

මීකා 7:19
උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.

1 ජොහන් 3:19-20
[19] මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව;[20] මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.

රෝම 6:23
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

යෙසායා 43:25
මම, මමම, මා නිසා ඔබේ පාපවල් සිහි නොකොට, ඔබේ වරද මකාදමන තැනන්වහන්සේය.

එළිදරව්ව 12:10
එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.

2 කොරින්ති 7:10
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

හෙබ්‍රෙව් 4:16
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

රෝම 8:31-39
[31] එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?[32] තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?[33] දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?[34] මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.[35] ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?[36] ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.[37] නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.[38] මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,[39] උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

රෝම 3:26
එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.

රෝම 14:23
නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.

ශුද්ධවර ජොහන් 3:17
මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.

හිතෝපදේශ ١٦:٤
ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.

ක්‍රියා ٣:١٩
එබැවින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද,

1 ජොහන් ٢:١
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ සැම පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.

උත්පත්ති 20:6-16
[6] දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, ඔබේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් ඔබ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට ඔබට ඉඩනෑරියෙමි.[7] එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දෙන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු ඔබ ජීවත්වෙන පිණිස ඔබ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් ඔබද ඔබ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගන්නැයි කීසේක.[8] අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය.[9] එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: ඔබ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි ඔබ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් ඔබට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? ඔබ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.[10] තවද අබිමෙලෙක්: ඔබ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ්‍රහම්ට කීය.[11] ආබ්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය.[12] ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය.[13] තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: ඔබ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.[14] අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ්‍රහම්ට දී ඔහුගේ භාර්යාවවූ සාරාද ඔහුට ආපසු දුන්නේය.[15] අබිමෙලෙක්: බලව, මාගේ දේශය ඔබ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.[16] ඔහු සාරාට කථාකොට: බලව, මම ඔබේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි ඔබට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.

යෙසායා ٥٣:١٠
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේ ගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.

ශුද්ධවර ලූක් ١٥:١٨-١٩
[١٨] මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.[١٩] තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමියි කියා,

ශුද්ධවර මතෙව් ١٨:٢١-٣٥
[٢١] එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.[٢٢] යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.[٢٣] එබැවින් තමාගේ දාසයන් සමඟ ගණන් බලන්ට කැමතිවු රජෙකුට ස්වර්ගරාජ්‍යය උපමාකරනු ලැබේ.[٢٤] ඔහු ගණන් බලන්ට පටන්ගත් කල, තලෙන්ත දස දහසක් ණයවූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙනලද්දේය.[٢٥] ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.[٢٦] එවිට ඒ දාසයා බිම වැටී වැඳ: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, ඔබවහන්සේට සියල්ලම ගෙවන්නෙමියි කීවේය.[٢٧] ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පාකොට, ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමාකෙළේය.[٢٨] එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය.[٢٩] එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී: මා ගැන ඉවසුව මැනවි, ඔබ සැමට ගෙවන්නෙමියි කන්නලව්කෙළේය.[٣٠] නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය.[٣١] ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය.[٣٢] එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, ඔබ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල ඔබ සැමට කමාකෙළෙමි.[٣٣] මා විසින් ඔබ සැමට කරුණාකළා සේම ඔබ විසිනුත් ඔබේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.[٣٤] ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.[٣٥] ඔබ සැමත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද ඔබ සැමට එසේම කරනවා ඇතැයි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society