A A A A A

හොඳ චරිතයක්: [පිරිසිදුකම]


යෙසායා 1:16
ඔබ සැම සෝදාගෙන පවිත්‍රවෙන්න; ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.

ගීතාවලිය 51:7
හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.

1 ජොහන් 1:7-9
[7] නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.[8] අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.[9] අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

එසකියෙල්ගේ 36:25
ඔබ සැම පිරිසිදුවන ලෙස මම ඔබ සැම කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. ඔබ සැමගේ සියලු අපවිත්‍රකම්වලින්ද ඔබ සැමගේ සියලු දේවරූපවලින්ද ඔබ සැම පිරිසිදුකරන්නෙමි.

ගීතාවලිය 51:10
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.

ක්‍රියා 9:1-31
[1] නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,[2] ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.[3] තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය.[4] ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, ඔබ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.[5] උන්වහන්සේද: මම වනාහි ඔබ පීඩාකරන යේසුස්ය.[6] නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, ඔබ විසින් කටයුතු දේ ඔබට කියනු ලබන්නේයයි කීසේක.[7] ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය.[8] සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.[9] ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.[10] දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.[11] ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න.[12] මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක.[13] එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.[14] මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤාකරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය.[15] නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.[16] ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නෙමියි කීසේක.[17] අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, ඔබ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් ඔබ ආවාවූ මාර්ගයෙහිදී ඔබට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.[18] එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය;[19] ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය. ඔහු දමස්කයෙහි වූ ගෝලයන් සමඟ කීප දවසක් සිටියේය.[20] ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.[21] ඒ ඇසූ සියල්ලෝ විස්මිතව: මෙම නාමයට යාච්ඤාකරන්නන් යෙරුසලමේදී නාස්තිකළ තැනැත්තේ මොහු නොවේද? මොහු මෙහි ආවෙත් ඔවුන් බැඳගන නායක පූජකයන් ඉදිරිපිටට ගෙනයන අදහස පිටයයි කීවෝය.[22] නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය.[23] බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය.[24] නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය.[25] නුමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහු රැගෙන, කූඩයක බාමින් ඔහු පවුරෙන් බැස්සෙවුවෝය.[26] ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ.[27] නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය.[28] ඔහුද ඔවුන් සමඟ සිට යෙරුසලමෙහි හැසිරෙමින්,[29] ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය.[30] සහෝදරයෝ ඒ දැන, ඔහු කායිසාරියට ගෙන ගොස්, තාර්සස්ට යැවුවෝය.[31] මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.

ද්විතීය නීති සංග්‍රහය 23:12-14
[12] එළියට යන පිණිස ඔබට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.[13] ඔබේ ආයුධ අතරේ හාරන හැන්දක් ඔබ ළඟ තිබිය යුතුය; ඔබ එළියට ගියාම ඒකෙන් හාරා ඔබ පහරන දේ පස්සට හැරී වසන්න.[14] මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ගළවා ඔබේ සතුරන් ඔබට පාවාදෙන පිණිස ඔබේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ ඔබ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක ඔබෙන් අහක්ව නොයන පිණිස ඔබේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.

හිතෝපදේශ 20:9
මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?

පිලිප්පි 4:8
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

ගීතාවලිය 73:1
ආසාප්ගේ ගීතයකි. සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.

එළිදරව්ව 1:5
විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, ඔබ සැමට කරුණාවත් සමාදානයත්වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,

2 කොරින්ති 7:1
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.

ලෙවී ව්‍යවස්ථාව 19:28
මළවුන් නිසා ඔබ සැමගේ ශරීරවල කැපුමක් කර නොගන්න, ඔබ සැමගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම ස්වාමීන්වහන්සේ ය.

ලෙවී ව්‍යවස්ථාව 20:13
මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

2 පේදුරු 3:8
නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

ශුද්ධවර මතෙව් 23:25-28
[25] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.[26] අන්ධවූ පරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.[27] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.[28] එසේම ඔබ සැමත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.

ශුද්ධවර ලූක් 6:31
මනුෂ්‍යයන් විසින් ඔබ සැමට යම්සේ ක්‍රියාකරනවාට ඔබ සැම කැමතිද, ඔබ සැමත් ඔවුන්ට එසේම කරන්න.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

ශුද්ධවර මතෙව් 23:26
අන්ධවූ පරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.

ශුද්ධවර මතෙව් 5:8
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

උත්පත්ති 18:4
පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.

නික්මයාම 19:14
මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.

ද්විතීය නීති සංග්‍රහය 23:12
එළියට යන පිණිස ඔබට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.

රෝම 5:8
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

1 තිමෝති 4:12
ඔබේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට ඔබම ආදර්ශයක් වෙන්න.

2 කොරින්ති 6:14-18
[14] නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?[15] බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?[16] දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.[17] එබැවින්- ඔබ සැම ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම ඔබ සැම පිළිගෙන, [18] ඔබ සැමට පියෙක් වන්නෙමි, ඔබ සැමද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

ක්‍රියා 9:1-20
[1] නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,[2] ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.[3] තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය.[4] ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, ඔබ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.[5] උන්වහන්සේද: මම වනාහි ඔබ පීඩාකරන යේසුස්ය.[6] නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, ඔබ විසින් කටයුතු දේ ඔබට කියනු ලබන්නේයයි කීසේක.[7] ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය.[8] සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.[9] ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.[10] දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.[11] ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න.[12] මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක.[13] එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.[14] මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤාකරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය.[15] නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.[16] ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නෙමියි කීසේක.[17] අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, ඔබ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් ඔබ ආවාවූ මාර්ගයෙහිදී ඔබට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.[18] එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය;[19] ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය. ඔහු දමස්කයෙහි වූ ගෝලයන් සමඟ කීප දවසක් සිටියේය.[20] ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.

1 කොරින්ති 15:29
ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද?

ලෙවී ව්‍යවස්ථාව 18:22
ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය.

රෝම 1:26-27
[26] ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.[27] එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය.

1 කොරින්ති 14:40
නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.

ශුද්ධවර මතෙව් 7:18-23
[18] හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.[19] හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.[20] එබැවින් ඔවුන්ගේ ඵලවලින් ඔබ සැම ඔවුන් ඇඳිනගන්නහුය.[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.[22] ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.[23] එවිට මම: කිසිකලෙකත් ඔබ සැම නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

ශුද්ධවර ජොහන් ৫:৩৯-৪০
[৩৯] ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි ඔබ සැම සිතන බැවින් ඔබ සැම ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;[৪০] නුමුත් ඔබ සැම ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.

Sinhala Bible SROV
Ceylon Bible Society