A A A A A

හොඳ චරිතයක්: [නිර්භීතකම]


ක්‍රියා 4:29-31
[29] දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,[30] ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.[31] ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

2 කොරින්ති 3:12
එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව.

ක්‍රියා 14:3
එහෙයින් ඔව්හු ස්වාමීන්වහන්සේ තුළ නිර්භීතලෙස කථාකරමින් බොහෝ කලක් නැවතී සිටියෝය. උන්වහන්සේ ඔවුන්ගේ අත්වලින් හාස්කම්ද පුදුමද කරවමින්, ස්වකීය අනුග්‍රහයේ වචනයට සාක්ෂි දැරූසේක.

ක්‍රියා 13:46
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට ඔබ සැමට කියන්ට යුතුව තිබුණේය. ඔබ සැම ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව ඔබ සැමම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.

ක්‍රියා 19:8
ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.

පිලෙමොන් 1:8
ඒ නිසා සුදුසුව තිබෙන දෙය ඔබට ආඥාකරන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ මට බොහෝ නිසැකකම තිබෙන නුමුත්,

ක්‍රියා 18:26
ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය.

ශුද්ධවර මාක් 15:43
ගරුතර මන්ත්‍රියෙක්වූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලා සිටියාවූ අරිමාතියේ යෝසෙප් ඇවිත්, ධෛර්යගෙන පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.

ක්‍රියා 28:31
කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.

ක්‍රියා 4:29-30
[29] දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,[30] ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.

හිතෝපදේශ 28:1
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.

උත්පත්ති 18:23-32
[23] ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද?[24] ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද?[25] එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.[26] එවිට ස්වාමීන්වහන්සේ: සොදොම් නුවර තුළ ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සම්බවුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරුකරන්නෙමියි කීසේක.[27] ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේ ට කථාකරන්ට ධෛර්ය ගතිමි.[28] ධර්මිෂ්ඨයන් පනස් දෙනාගෙන් පස් දෙනෙක් අඩුවීනම්, පස් දෙනෙක් අඩු නිසා ඔබ මුලු නුවර විනාශකරනසේක්දැයි කීය. උන්වහන්සේද: එහි හතලිස්පස් දෙනෙක් මට සම්බවුණොත් ඒක විනාශ නොකරන්නෙමියි කීසේක.[29] ඔහු නැවතත් උන්වහන්සේට කථාකොට: සමහරවිට එහි හතලිස් දෙනෙක් සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේ: හතලිස් දෙනා නිසා ඒක නොකරසිටින්නෙමියි කීසේක.[30] ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක.[31] එවිට ඔහු: බැලුව මැනව, ස්වාමීන්වහන්සේ ට කථාකරන්ට ධෛර්ය ගතිමි; සමහරවිට විසි දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද විසි දෙනා නිසා ඒක විනාශනොකර සිටින්නෙමියි කීසේක.[32] ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක.

ගීතාවලිය 138:3
මා ඔබට අඬගැසූ දවසේදී ඔබ මට උත්තරදී, මාගේ ආත්මය ශක්තිමත්කොට ධෛර්යදුන්සේක.

එපීස 3:12
ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ.

ශුද්ධවර ජොහන් 4:17
ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඈට කිය්න්සේක්: මට පුරුෂයෙක් නැතැයි ඔබ කීවා හරිය.

හෙබ්‍රෙව් 10:19
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,

හෙබ්‍රෙව් 4:16
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

හෙබ්‍රෙව් 13:6
මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

එපීස 6:19-20
[19] යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,[20] මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.

ක්‍රියා 4:13
එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.

1 තිමෝති 3:13
මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති.

1 තෙසලෝනික 2:2
ඔබ සැම දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබ සැමට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.

පිලිප්පි 1:20
ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය. ජීවිතය නොහොත් මරණය, වඩා හොඳ කොයි එකද?

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

1 කොරින්ති 16:13
අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

හිතෝපදේශ 14:26
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.

ගීතාවලිය 27:14
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.

රෝම 1:16
මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.

1 වංශාවලියේ 28:20
තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: ඔබ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ ඔබෙන් ඉවත්නොවනසේක, ඔබ අත්නොහරිනසේක.

1 කොරින්ති 15:58
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැමගේ මෙහෙය නිෂ්ඵල නොවන බව ඔබ සැම දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

එපීස 6:10
ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.

යෙසායා 54:4
භය නොවන්න; මක්නිසාද ඔබ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; ඔබ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද ඔබ ඔබේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, ඔබේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.

ශුද්ධවර ජොහන් 14:27
ඔබ සැම වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබ සැමට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබ සැමගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

ශුද්ධවර මාක් 5:36
නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කථාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්නැයි ඔහුට කීසේක.

පිලිප්පි 1:28
ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද ඔබ සැමට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය.

ශුද්ධවර ජොහන් 7:26
එහෙත් ඔහු ප්‍රසිද්ධයෙන් කථාකරයි, ඔව්හු කිසි දෙයක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස්වහන්සේ බව මුලාදෑනීහු සැබෑවටම දැනගෙන සිටිනවාදෝ?

ක්‍රියා 5:29
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.

ජෝෂු 1:7
මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. ඔබ යන සෑමතැනදීම ඔබට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.

එසකියෙල්ගේ 3:9
ඔබේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.

ක්‍රියා 9:29
ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය.

පිලිප්පි 1:1
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:

1 තිමෝති 3:1
යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය.

1 කොරින්ති 3:12
නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,

හෙබ්‍රෙව් 10:1
මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.

1 පේදුරු 5:10
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට ඔබ සැම කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, ඔබ සැම ස්වල්ප කලක් දුක්වින්ද පසු, ඔබ සැම සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society