A A A A A

හොඳ චරිතයක්: [විශ්වාසය]


යෙසායා 12:2
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.

යෙසායා 26:3-4
[3] ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.[4] ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.

යෙසායා 41:10
භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි.

ජෙරමියා 29:11
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ශුද්ධවර ජොහන් 10:10
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

ශුද්ධවර ජොහන් 14:1
ඔබ සැමගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න.

ජෝෂු 1:9
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.

පිලිප්පි 4:19
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට ඔබ සැමගේ සියලු හිඟකම සම්පූර්ණකරනසේක.

හිතෝපදේශ 29:25
මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

ගීතාවලිය 9:10
ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.

ගීතාවලිය 20:7
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන් ගේ නාමය සඳහන්කරන්නෙමුව.

ගීතාවලිය 28:7
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

ගීතාවලිය 32:10
දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය.

ගීතාවලිය 37:5
ඔබගේ මාර්ගය ස්වාමීන් ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.

ගීතාවලිය 46:10
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.

ගීතාවලිය 118:8
මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.

ගීතාවලිය 143:8
උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

රෝම 15:13
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් ඔබ සැම අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද ඔබ සැම පූර්ණකරනසේක්වා.

ගීතාවලිය 56:3-4
[3] මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. [4] මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?

ගීතාවලිය 62:7-8
[7] මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය. [8] ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ ඔබ සැමගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.

ගීතාවලිය 91:1-2
[1] මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.[2] උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

ගීතාවලිය 112:6-7
[6] මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය. [7] ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.

1 ජොහන් 5:14-15
[14] උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.[15] අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.

ගීතාවලිය 46:1-2
[1] නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි; හීන් ශබ්දයෙන් ගායනාකිරීමට ගීතිකාවකි. දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.[2] එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්,

හිතෝපදේශ 3:5-6
[5] ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න [6] ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත.

ශුද්ධවර මතෙව් 6:25-26
[25] එහෙයින් ඔබ සැමට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?[26] ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. ඔබ සැම උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?

ජෙරමියා 17:7-8
[7] ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.[8] මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.

ජෝෂු 1:5-9
[5] ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි. ඔබෙන් අහක්ව නොයන්නෙමි, ඔබ අත්නාරින්නෙමි.[6] ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය ඔබ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.[7] මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. ඔබ යන සෑමතැනදීම ඔබට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.[8] මේ ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාව ල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබේ මාර්ගය සඵලවී ඔබට ශුභ සිද්ධවන්නේය.[9] මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society