1 කොරින්ති 12:23 |
ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස්වලට වඩා නම්බු දෙමුව; මෙසේ අපගේ අශෝභනවූ කොටස්වලට වඩා ශෝභනකම ලැබේ. |
|
1 තිමෝති 2:8-10 |
[8] එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.[9] එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව,[10] දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි. |
|
1 පේදුරු 3:3-4 |
[3] ඔබ සැමගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,[4] දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. |
|
රෝම 12:2 |
ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. |
|
ශුද්ධවර මතෙව් 5:28 |
නුමුත් මම ඔබ සැමට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය. |
|
ද්විතීය නීති සංග්‍රහය 22:5 |
ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
1 පේදුරු 3:3 |
ඔබ සැමගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, |
|
1 සාමුවෙල් 16:7 |
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක. |
|
1 කොරින්ති 6:19-20 |
[19] නොහොත් ඔබ සැමගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?[20] ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න. |
|
1 කොරින්ති 10:31 |
එහෙයින් ඔබ සැම කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න. |
|
හිතෝපදේශ 7:10 |
එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය. |
|
හිතෝපදේශ 31:30 |
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය. |
|
1 තිමෝති 3:2 |
එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. |
|
ශුද්ධවර ලූක් 17:1 |
උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: බාධා නොපැමිණි තිබෙන්ට බැරිය. නුමුත් යමෙකු කරණකොටගෙන ඒවා පැමිණේද ඔහුට දුක්වේ. |
|
හිතෝපදේශ 11:22 |
ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය; |
|
එපීස 2:10 |
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක. |
|
රෝම 14:13 |
එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න. |
|
1 පේදුරු 3:3-5 |
[3] ඔබ සැමගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,[4] දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.[5] මක්නිසාද පුරාණ කාලයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු තමුන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය. |
|
1 පේදුරු 1:14 |
ඔබ සැමගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්, |
|
1 සාමුවෙල් 9:21 |
සාවුල් උත්තර දෙමින්: මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය. |
|
එස්තර් 1:11-12 |
[11] ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය.[12] නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය. |
|
ජෝබ් 32:4-7 |
[4] එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය. [5] මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය. [6] එකල බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි ඔබ සැම නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ ඔබ සැමට කියන්ට භයවීමි. [7] වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි. |
|
1 පේදුරු 3:1-4 |
[1] එසේම, භාර්යාවරුනි, ඔබ සැමගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,[2] ඔවුන් ඔබ සැමගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.[3] ඔබ සැමගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,[4] දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. |
|
1 ජොහන් 2:16 |
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. |
|
රෝම 12:1 |
එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ. |
|
හිතෝපදේශ 31:25 |
බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. |
|
1 තිමෝති 4:8 |
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය. |
|
පිලිප්පි 2:5 |
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම ඔබ සැම තුළත් තිබේවා. |
|
1 පේදුරු 3:4 |
දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. |
|
1 තිමෝති 2:10 |
දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |