1 කොරින්ති 16:14 |
ඔබ සැම කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා. |
|
1 ජොහන් 4:8-18 |
[8] ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.[9] අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය.[10] ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.[11] ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය.[12] කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ.[13] අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.[14] පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.[15] යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය.[16] දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටී, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.[17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.[18] ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි. |
|
ශුද්ධවර ජොහන් 3:16 |
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. |
|
1 පේදුරු 4:8 |
ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න. |
|
කොලොස්සි 3:14 |
මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න. |
|
ශුද්ධවර ජොහන් 13:34-35 |
[34] මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි.[35] ඔබ සැම එකිනෙකාට ප්‍රේමකරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක. |
|
ශුද්ධවර ජොහන් 15:13 |
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. |
|
1 කොරින්ති 13:13 |
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය. |
|
1 ජොහන් 4:19 |
අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය. |
|
හිතෝපදේශ 10:12 |
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. |
|
1 ජොහන් 4:7 |
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |