A A A A A

හොඳ චරිතයක්: [අඛණ්ඩතාව]


හිතෝපදේශ 11:3
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

හිතෝපදේශ 28:6
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.

1 පේදුරු 3:16
ඔබ සැම නපුර කරන්නහුයයි ඔබ සැමට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන ඔබ සැමගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.

හිතෝපදේශ 12:22
බොරුකාර තොල් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

හිතෝපදේශ 21:3
පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේ ට ප්‍රියව තිබේ.

2 කොරින්ති 8:21
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.

ශුද්ධවර ජොහන් 14:6
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

හිතෝපදේශ 4:25-27
[25] ඔබේ ඇස් ඉස්සරහම බලත්වා, ඔබේ ඇසිපියද ඔබ ඉදිරියෙහි කෙළින්ම බලත්වා. [26] ඔබේ පාදවල මාවත සමතලාකරන්න, ඔබේ සියලු මාර්ග ස්ථිරව තිබේවා. [27] දකුණටවත් වමටවත් නොහැරෙන්න. ඔබේ පාද නපුරෙන් පහකරන්න.

හෙබ්‍රෙව් 13:18
අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.

ශුද්ධවර ලූක් 6:31
මනුෂ්‍යයන් විසින් ඔබ සැමට යම්සේ ක්‍රියාකරනවාට ඔබ සැම කැමතිද, ඔබ සැමත් ඔවුන්ට එසේම කරන්න.

ගීතාවලිය 41:11-12
[11] මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. [12] මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක.

පිලිප්පි 4:8
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

යෙසායා 26:7
ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society