Instagram
English
A A A A A

හොඳ චරිතයක්: [අවංක]


2 කොරින්ති 8:21
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.

2 තිමෝති 2:15
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

කොලොස්සි 3:9
එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද ඔබ සැම පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,

එපීස 4:25
එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

ජාකොබ් 1:26
යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.

ජාකොබ් 3:17
නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.

ශුද්ධවර ලූක් 6:31
මනුෂ්‍යයන් විසින් ඔබ සැමට යම්සේ ක්‍රියාකරනවාට ඔබ සැම කැමතිද, ඔබ සැමත් ඔවුන්ට එසේම කරන්න.

ශුද්ධවර මතෙව් 5:8
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

හිතෝපදේශ 10:9
ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.

හිතෝපදේශ 11:3
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

හිතෝපදේශ 12:17-22
[17] සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය. [18] කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය. [19] සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය. [20] නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය. [21] ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය. [22] බොරුකාර තොල් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

හිතෝපදේශ 14:5
විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.

හිතෝපදේශ 21:3
පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේ ට ප්‍රියව තිබේ.

හිතෝපදේශ 24:26
සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.

හිතෝපදේශ 28:18
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.

ගීතාවලිය 112:5
කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.

1 වංශාවලියේ 29:17
මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.

ශුද්ධවර ජොහන් 1:3
උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.

ශුද්ධවර ජොහන් 3:18
උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.

පිලිප්පි 4:8-9
[8] ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.[9] ඔබ සැම ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනවා ඇත.

1 පේදුරු 3:10-12
[10] මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. [11] නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා; [12] මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.

හිතෝපදේශ 6:16-20
[16] ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ: [17] උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය, [18] දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, [19] මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය. [20] මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.

Sinhala Bible SROV
Ceylon Bible Society