A A A A A

හොඳ චරිතයක්: [ආගන්තුක සත්කාරය]


හෙබ්‍රෙව් 3:2
මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.

යෙසායා 58:7
බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් ඔබ විසින් ඔබේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, ඔබේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?

1 තිමෝති 5:10
යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.

තීතස් 1:8
ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.

1 පේදුරු 4:8-9
[8] ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.[9] කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.

ක්‍රියා 16:33-34
[33] ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය.[34] ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.

ලෙවී ව්‍යවස්ථාව 19:33-34
[33] විදේශියෙක් ඔබ සැමගේ දේශයෙහි ඔබ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න.[34] ඔබ සැම ළඟ වාසයකරන විදේශියා ඔබ සැම අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, ඔබට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.

ශුද්ධවර ලූක් 14:7-14
[7] කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:[8] යමෙක් විසින් සරණ මංගල්‍යයකට ඔබ කැඳවනු ලැබූ කල්හි ප්‍රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට ඔබට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්,[9] ඔබත් ඔහුත් කැඳවූ තැනැත්තා ඇවිත්-මොහුට ඉඩදෙන්නැයි ඔබට කීවොත්, ඔබ ලජ්ජාවෙන් පහත් ස්ථානයට යන්ට පටන් ගන්නෙහිය.[10] නුමුත් ඔබ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි ඔබට කීවොත්, ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහිය.[11] මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.[12] උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: ඔබ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, ඔබේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත ඔබ කැඳවන්නෝය, එවිට ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේය.[13] නුමුත් ඔබ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.[14] ඔබට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් ඔබට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.

ශුද්ධවර මතෙව් 25:34-46
[34] එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.[35] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය;[36] වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, ඔබ සැම මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, ඔබ සැම මා වෙතට ආවහුයයි කියනසේක.[37] එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?[38] කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද?[39] කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.[40] එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.[41] එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.[42] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. ඔබ සැම මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. ඔබ සැම මට බොන්ට නුදුන්නහුය.[43] ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, ඔබ සැම මා බලන්ට නාවහුයයි කියනසේක.[44] එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත.[45] එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.[46] මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.

රෝම 12:13-20
[13] ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.[14] ඔබ සැමට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.[15] ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.[16] එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. ඔබ සැමම ඥානවන්තයෝයයි නොසිතන්න.[17] කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.[18] පුළුවන් නම්, ඔබ සැමගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.[19] ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.[20] නුමුත් ඔබේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.

Sinhala Bible SROV
Ceylon Bible Society