A A A A A

හොඳ චරිතයක්: [විශ්වාසය]


ශුද්ධවර මතෙව් 21:22
තවද ඔබ සැම ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල ඔබ සැමට ලැබේයයි ඔවුන්ට කීසේක.

රෝම 10:17
මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

හෙබ්‍රෙව් 11:1-6
[1] ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.[2] එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය.[3] දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.[4] ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.[5] ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

ශුද්ධවර මාක් 11:22-24
[22] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.[23] සැබවක් ඔබ සැමට කියමි-කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.[24] එබැවින් ඔබ සැමට කියමි-ඔබ සැම යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල ඔබ සැමට ලැබුණේයයි අදහන්න, ඒවා ඔබ සැමට ලැබෙන්නේය.

ජාකොබ් 2:19
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව ඔබ විශ්වාසකරන්නෙහිය; ඔබ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.

එපීස 2:8-9
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.[9] කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.

ශුද්ධවර ලූක් 1:37
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.

හිතෝපදේශ 3:5-6
[5] ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න [6] ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත.

2 කොරින්ති 5:7
(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

එපීස ២:៨
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.

1 කොරින්ති 2:5
එසේ වුණේ ඔබ සැමගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.

ජාකොබ් 1:5-8
[5] නුමුත් ඔබ සැමගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.[6] නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.[7] එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා.[8] ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.

පිලිප්පි ४:१३
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

ජාකොබ් 1:5-8
[5] නුමුත් ඔබ සැමගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.[6] නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.[7] එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා.[8] ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.

පිලිප්පි 4:13
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

ජාකොබ් 2:24
මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව ඔබ සැමට පෙනෙන්නේය.

ශුද්ධවර ලූක් 17:5
එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society