A A A A A

හොඳ චරිතයක්: [විනය]


2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

එපීස 6:4
පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.

හිතෝපදේශ 10:17
ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.

හිතෝපදේශ 12:1
අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.

හිතෝපදේශ 13:1
ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.

හිතෝපදේශ 13:24
ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.

හිතෝපදේශ 22:6
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

හිතෝපදේශ 22:15
මෝඩකම ළමයෙකුගේ සිතට බැදී තිබේ; දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.

හිතෝපදේශ 29:15-17
[15] ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි. [16] දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය. [17] ඔබේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු ඔබට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු ඔබේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.

එළිදරව්ව 3:19
මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් ඔබ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.

තීතස් 1:8
ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.

හිතෝපදේශ 23:13-14
[13] දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් ඔබ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත. [14] ඉපලෙන් ඔහුට තළන්න; එයින් ඔබ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.

හෙබ්‍රෙව් 12:10-11
[10] මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.[11] කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.

ජෝබ් 5:17-18
[17] බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න. [18] මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.

හිතෝපදේශ 3:11-12
[11] මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. [12] මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.

ද්විතීය නීති සංග්‍රහය 8:5-6
[5] මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දඬුවම්කරන බව ඔබේ සිතින් කල්පනාකරන්න.[6] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.

1 කොරින්ති 9:25-27
[25] දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය.[26] එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරෙදන්නාක්මෙන් නොවේය.[27] නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

2 කොරින්ති 7:9-11
[9] ඔබ සැම ශෝකයට පමුණුවනු ලැබූ නිසා නොව පසුතැවිලිවීම සඳහා ඔබ සැම ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි. එසේය, කොයි ප්‍රකාරයකින්වත් ඔබ සැම අපෙන් අලාභ නොවිඳින පිණිස දේවකැමැත්තේ හැටියට ඔබ සැම ශෝකවුණහුය.[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.[11] එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් ඔබ සැම තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව ඔබ සැම නිදොස් බව ඔබ සැම සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය.

ගීතාවලිය 94:12-14
[12] ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස, [13] ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය. [14] මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.

හෙබ්‍රෙව් 12:5-9
[5] ඇරත් පුත්‍රයන්ට මෙන් ඔබ සැමට කියන අවවාද වචනය ඔබ සැම මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න; [6] මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.[7] ඔබ සැම ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් ඔබ සැම කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද?[8] එහෙත් සියල්ලන් ලබන දඬුවමට ඔබ සැම පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ සැම පුත්‍රයෝ නොව අවජාතකයෝය.[9] තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?

එපීස 6:1-9
[1] දරුවෙනි, ඔබ සැමගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.[2] ඔබට වැඩසිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,[3] ඔබේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.[4] පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.[5] දාසයෙනි, ක්‍රිස්තුස්වහන්සේට මෙන් මාංසාකාරයෙන් ඔබ සැමගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට භයෙනුත් වෙවුලුමෙනුත් ඔබ සැමගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවෙයන්න;[6] මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න.[7] දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද, ඊට ස්වාමීන්වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන,[8] මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරන්න.[9] ස්වාමිවරුනි, ඔබ සැමගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society