1 කොරින්ති 5:11-13 |
[11] නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් ඔබ සැමට ලියමි.[12] මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? ඔබ සැම වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද?[13] එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා ඔබ සැම අතරෙන් පහකරන්න. |
|
1 ජොහන් 1:9 |
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, |
|
1 පේදුරු 3:8-9 |
[8] අවසානකොට, ඔබ සැම සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.[9] නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, ඔබ සැමට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න. |
|
ශුද්ධවර ජොහන් 3:16 |
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. |
|
හිතෝපදේශ 13:20 |
ඥානවන්තයන් කැටුව යන්න, එවිට ඔබ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය. |
|
රෝම 2:11 |
මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක. |
|
රෝම 5:8 |
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය. |
|
රෝම 8:31 |
එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද? |
|
රෝම 14:1-2 |
[1] ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය.[2] සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. |
|
හෙබ්‍රෙව් 10:24-25 |
[24] තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.[25] සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව ඔබ සැමට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු. |
|
ශුද්ධවර ජොහන් 6:35-37 |
[35] යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.[36] නුමුත් ඔබ සැම මා දැකත් අදහන්නේ නැතැයි මම ඔබ සැමට කීමි.[37] පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. |
|
කොලොස්සි 3:12-14 |
[12] එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,[13] එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ ඔබ සැමට කමාවුණාක්මෙන් ඔබ සැමත් කරන්න.[14] මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න. |
|
ශුද්ධවර මතෙව් 5:38-42 |
[38] ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව ඔබ සැම අසා තිබේ.[39] නුමුත් මම ඔබ සැමට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් ඔබේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.[40] යමෙක් නඩු කියා ඔබේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට ඔබේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.[41] යමෙක් එක හැතැප්මක් යන්ට ඔබ සැමට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න,[42] ඔබෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න. |
|
ශුද්ධවර මතෙව් 25:34-40 |
[34] එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.[35] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය;[36] වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, ඔබ සැම මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, ඔබ සැම මා වෙතට ආවහුයයි කියනසේක.[37] එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?[38] කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද?[39] කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.[40] එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක. |
|
රෝම 15:1-7 |
[1] ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.[2] අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.[3] මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.[4] මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.[5] ඔබ සැම එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,[6] ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ සැම එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.[7] එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම පිළිගත් ලෙසම ඔබ සැමත් එකිනෙකා පිළිගන්න. |
|
රෝම 14:10-19 |
[10] එසේනම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් ඔබ ඔබේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.[11] මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.[12] එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.[13] එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.[14] යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.[15] කෑම නිසා ඔබේ සහෝදරයා දුකට පැමිණේ නම්, ඔබ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු ඔබේ කෑමෙන් විනාශ නොකරන්න.[16] එබැවින් ඔබ සැමට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා.[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.[18] කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය.[19] එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |