A A A A A

දෙවියන් වහන්සේ: [නිදහස් කැමැත්ත]


1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

2 වංශාවලියේ 9:7
ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය.

2 පේදුරු 3:9
ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, ඔබ සැම කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

ගලාති 5:13
මක්නිසාද, සහෝදරයෙනි, ඔබ සැම නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් ඔබ සැමගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.

ශුද්ධවර ජොහන් 7:17
යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.

ජෝෂු 24:15
ස්වාමීන්වහන්සේ ට සේවයකිරීම ඔබ සැමට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය ඔබ සැමගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ ඔබ සැම වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ ඔබ සැම සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද- ස්වාමීන්වහන්සේ ට සේවයකරමුයයි කීවේය.

ශුද්ධවර මාක් 8:34
එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමඟ ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: කවරෙක් නුමුත් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.

හිතෝපදේශ 16:9
මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේ ය.

එළිදරව්ව 3:20
මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

රෝම 6:23
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

රෝම 13:2
එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.

රෝම 10:9-10
[9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගළවනු ලබන්නෙහිය.[10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

ගලාති 5:16-17
[16] නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට ඔබ සැම මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.[17] මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. ඔබ සැම කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.

උත්පත්ති 2:16-17
[16] ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: ඔබට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;[17] එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නේයයි කීසේක.

යෙසායා 55:6-7
[6] ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.[7] දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.

ශුද්ධවර ජොහන් 1:12-13
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.[13] ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.

ද්විතීය නීති සංග්‍රහය 30:19-20
[19] මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ සැම ඉදිරියෙහි තැබූ බවට අද ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,[20] ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට ඔබ වාසයකරන පිණිස, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන් වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද ඔබේ ජීවනයත් ඔබේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.

එසකියෙල්ගේ 18:30-32
[30] එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම ඔබ සැම එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔබ සැම හැරී ඇවිත් ඔබ සැමගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම ඔබ සැමගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.[31] ඔබ සැම කළ ඔබ සැමගේ සියලු වරද ඔබ සැම වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද ඔබ සැමටම සාදාගන්න. ඉශ්‍රායෙල් වංශය ඔබ සැම නසින්නේ මක්නිසාද?[32] නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society