A A A A A

දෙවියන් වහන්සේ: [ආ ments ා]


ශුද්ධවර මාක් 10:19
මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, ඔබේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා ඔබ දන්නෙහියයි කීසේක.

ශුද්ධවර ලූක් 18:20
කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, ඔබේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා ඔබ දන්නවායයි ඔහුට කීසේක.

ශුද්ධවර මතෙව් 22:34-40
[34] උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව පරිසිවරු අසා, එකට රැස්වූවෝය.[35] ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්:[36] ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය.[37] උන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.[38] මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.[39] මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.[40] මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.

රෝම 13:9
මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය.

ශුද්ධවර මතෙව් 19:16-19
[16] බලව, එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.[17] උන්වහන්සේද: ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් ඔබ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක.[18] ඒ කොයි ඒවාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ කියනසේක්: මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව,[19] ඔබේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.

ශුද්ධවර මතෙව් 22:36-40
[36] ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය.[37] උන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.[38] මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.[39] මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.[40] මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.

ශුද්ධවර මතෙව් 10:17-22
[17] නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් ඔබ සැම මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබ සැමට තළනවා ඇත;[18] ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස ඔබ සැම මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.[19] නුමුත් ඔවුන් ඔබ සැම පාවාදෙන කල, ඔබ සැම කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද ඔබ සැම විසින් කිය යුතු දේ ඒ පැයේදී ඔබ සැමට දෙනු ලබන්නේය.[20] මක්නිසාද කථාකරන්නේ ඔබ සැම නොව ඔබ සැම තුළ කථාකරන ඔබ සැමගේ පියාණන්ගේ ආත්මයාණෝය.[21] තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය.[22] ඔබ සැම මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.

රෝම 13:8-14
[8] එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.[9] මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය.[10] ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.[11] තවද කාලය දැන, එනම් දැන් ඔබ සැම නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.[12] රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.[13] ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

ශුද්ධවර මාක් 12:28-34
[28] එවිට ලියන්නන්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා අසා, උන්වහන්සේ මනාසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන: සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.[29] යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය.[30] ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය.[31] දෙවෙනි එක නම්: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක.[32] එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.[33] මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේමකිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකිරීමත් සියලු මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්යයි කීය.[34] ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.

නික්මයාම 34:28
ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.

ද්විතීය නීති සංග්‍රහය 4:13
උන්වහන්සේ ඔබ සැමට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය ඔබ සැමට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.

ද්විතීය නීති සංග්‍රහය 10:4
රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැමට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.

ද්විතීය නීති සංග්‍රහය 5:7-22
[7] මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.[8] කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් ඔබට සාදා නොගනුව.[9] ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,[10] මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.[11] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.[12] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.[13] සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩකර්මාන්ත කරගනුව.[14] නුමුත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබ මෙන් ඔබේ වැඩකාරයාත් ඔබේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස ඔබවත් ඔබේ පුතාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ ගවයාවත් ඔබේ කොටළුවාවත් ඔබේ කිසි සිව්පාවෙක්වත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.[15] ඔබත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද ඔබ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට ඔබට අණකළසේක.[16] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝවන පිණිසද ඔබට ශුභසිද්ධ වන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබේ පියාටද ඔබේ මවුටද ගෞරව කරව.[17] මිනී නොමරව.[18] කාමමිථ්‍යාචාරය නොකරව.[19] සොරකම් නොකරව.[20] ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.[21] ඔබේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; ඔබේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.[22] මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට ඔබ සැමගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.

ද්විතීය නීති සංග්‍රහය 6:21
ඔබේ පුත්‍රයාට උත්තරදෙමින්: අපි මිසරයෙහි ඵාරාවෝගේ දාසයෝව සිටියෙමුව; ස්වාමීන්වහන්සේ ද බලවත් හස්තයකින් අප මිසරයෙන් පිටතට ගෙනාසේක;

ද්විතීය නීති සංග්‍රහය 10:1-5
[1] ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපාගෙන මා වෙතට කන්දට නැගී එන්න, ලීයෙන් පෙට්ටියක්ද සාදා ගන්න.[2] එවිට ඔබ බිඳ දැමූ පළමු ලෑලිවල තිබුණ වචන ඒ ලෑලිවල ලියන්නෙමි, ඔබ ඒවා පෙට්ටියෙහි තබන්නැයි කීසේක.[3] මමද ෂිට්ටීම් ලීවලින් පෙට්ටියක් සාදා, පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපා, ලෑලි දෙක මාගේ අතින් රැගෙන, කන්දට නැගුණෙමි.[4] රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැමට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.[5] මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.

නික්මයාම 20:1-17
[1] ‘දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්:[2] මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. [3] මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. [4] කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.[5] ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ,[6] මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.[7] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.[8] සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.[9] සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩ කර්මාන්ත කරගනුව.[10] එහෙත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ සිව්පාවෝවත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.[11] කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.[12] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරවකරව.[13] මිනීනොමරව.[14] කාමමිථ්‍යාචාරය නොකරව.[15] සොරකම් නොකරව.[16] ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.[17] ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, ඔබේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.

නික්මයාම 24:12
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමියි කීසේක.

නික්මයාම 34:10-29
[10] උන්වහන්සේද: බලව, මම ගිවිසුමක් කරන්නෙමි. මුළු පොළොවෙහි හෝ කිසි ජාතියක් අතරෙහි හෝ කරනු නොලැබූ පුදුම දේ ඔබේ මුළු සෙනඟ ඉදිරියෙහි කරන්නෙමි. ඔබ යම් සෙනඟක් අතරෙහි සිටිනෙහිද ඒ මුළු සෙනඟ ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාව දකින්නෝය; මක්නිසාද මා ඔබ සමඟ කරන දේ භයානක දෙයක්ය.[11] අද මා විසින් ඔබට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද ඔබ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.[12] ඔබ යන දේශයේ වැසියන් ඔබ සැම අතරේ මළපතක් නොවන පිණිස ඔවුන් සමඟ ගිවිසුමක් නොකරන්ට බලාගන්න.[13] ඔබ සැම ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමන්න.[14] මක්නිසාද ස්වයම් ගෞරව රක්ෂක නම්වූ ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ දෙවිකෙනෙක් බැවින් ඔබ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය.[15] නැතහොත් ඔබ දේශයේ වැසියන් සමඟ යම් ගිවිසුමක් කරනවා ඇත. එවිට ඔවුන් තමුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කරමින් තමුන්ගේ දෙවිවරුන්ට යාග පුදන කල්හි ඔවුන්ගෙන් කෙනෙක් ඔබට අඬගසන කල ඔබ ඔහුගේ යාගයෙන් කෑමටද,[16] ඔබ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් ඔබේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.[17] වාත්තු දෙවිවරුන් සාදානොගන්න.[18] මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා ඔබට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී ඔබ මිසරයෙන් පිටතට ආවෙහිය.[19] ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලෝද ගවයන්ගෙන්ද බැටළුවන්ගෙන්ද උපදින සියලුම කුලුඳුල් පිරිමි සත්තුද මාගේය.[20] කුලුඳුල් කොටළුවා වෙනුවට බැටළු වස්සෙකු දී ඌ මුදාගන්න. මුදාගන්ට නොකැමැත්තෙහිනම් ඔබ උගේ බෙල්ල කඩන්ට ඕනෑය. ඔබේ පුත්‍රයන්ගෙන් සියලු කුලුඳුලන් මුදාගන්න. සිස් අතින් කිසිවෙක් මා ඉදිරියෙහි නොපෙනේවා.[21] ඔබ සදවසක් වැඩකොට සත්වෙනි දින නිවාඩු ගත යුතුය. හාන කාලයෙත් ගොයම් කපන කාලයෙත් ඒ දින නිවාඩු ගත යුතුය.[22] තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද ඔබ විසින් පැවැත්විය යුතුය.[23] ඔබේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය.[24] මක්නිසාද මම ඔබ ඉදිරියෙන් ජාතීන් දුරුකොට ඔබේ සීමාව විශාල කරන්නෙමි. ඔබ අවුරුද්දකට තුන් වරක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට යන කල්හි කිසිවෙක් ඔබේ දේශයට ආශා නොකරන්නේය.[25] ඔබ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය.[26] ඔබේ බිමේ ප්‍රථම ඵලයෙන් ප්‍රථම කොටස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙන්න. ඔබ එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිසිය යුතුයයි කීසේක.[27] තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම ඔබ සමඟද ඉශ්‍රායෙල් සමඟද ගිවිසුමක් කෙළෙමියි කීසේක.[28] ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.[29] තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින් ගෙන සීනයි කන්දෙන් බැස්සේය, නුමුත් උන්වහන්සේ මෝසෙස් සමඟ කථාකිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය.

ද්විතීය නීති සංග්‍රහය 6:4-9
[4] එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේ ය.[5] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.[6] මා විසින් අද ඔබට අණකරන මේ වචන ඔබේ සිතේ තිබේවා.[7] ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මග යන කලද ඔබ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.[8] ඒවා ඔබේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.[9] ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද ඔබේ දොරවල් පිටද ලියන්න.

නික්මයාම 20:2-17
[2] මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. [3] මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. [4] කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.[5] ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ,[6] මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.[7] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.[8] සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.[9] සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩ කර්මාන්ත කරගනුව.[10] එහෙත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ සිව්පාවෝවත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.[11] කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.[12] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරවකරව.[13] මිනීනොමරව.[14] කාමමිථ්‍යාචාරය නොකරව.[15] සොරකම් නොකරව.[16] ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.[17] ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, ඔබේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.

නික්මයාම 31:18
උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.

ශුද්ධවර ජොහන් 14:15
ඔබ සැම මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.

ශුද්ධවර මතෙව් 19:18
ඒ කොයි ඒවාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ කියනසේක්: මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව,

ශුද්ධවර ජොහන් 15:10
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.

ශුද්ධවර මතෙව් 5:17
ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.

නික්මයාම 32:15
එවිට මෝසෙස් හැරී තමන් අතින් සාක්ෂියේ ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස්සේය; ඒ ලෑලිවල දෙපැත්තේ ලියා තිබුණේය; ඒවායේ එක පැත්තකද අනික් පැත්තේද ලියා තිබුණේය.

ශුද්ධවර ජොහන් 15:12-17
[12] මාගේ ආඥාව නම් මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.[13] යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.[14] මා ඔබ සැමට ආඥාකරන දේ ඔබ සැම කරනවානම්, ඔබ සැම මාගේ මිත්‍රයෝය.[15] දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් ඔබ සැමට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල ඔබ සැමට දැන්වූ බැවින් ඔබ සැම මිත්‍රයෝයයි කීමි.[16] ඔබ සැම මා තෝරාගත්තා නොව මම ඔබ සැම තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ ඔබ සැම ගොස් ඵල දරන පිණිසත් ඔබ සැමගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ සැම ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ ඔබ සැමට දෙන පිණිසත්ය.[17] මේ දේවල් මා ඔබ සැමට අණකරන්නේ ඔබ සැම එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.

නික්මයාම 32:16
ඒ ලෑලි දෙවියන්වහන්සේගේ කර්මාන්තයද ලෑලි පිට කොටනලද ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ලද විය.

නික්මයාම 34:27
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම ඔබ සමඟද ඉශ්‍රායෙල් සමඟද ගිවිසුමක් කෙළෙමියි කීසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society