A A A A A

දෙවියන් වහන්සේ: [වෛරස් / රෝග]


යෙසායා 26:20
මාගේ සෙනඟ එන්න, ඔබ සැමගේ ඇතුල් ගෙවලට ගොස් ඔබ සැමගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.

ජෙරමියා 25:32-33
[32] සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.[33] ස්වාමීන්වහන්සේ ගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.

2 වංශාවලියේ 7:13-14
[13] වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්,[14] මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.

එළිදරව්ව 6:3-8
[3] උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූ කල, දෙවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.[4] තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරණ පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.[5] උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය.[6] ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි.[7] උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි.[8] එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතෙයනුත් වංසගතෙයනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.

1 සාමුවෙල් 5:6
එවිට ස්වාමීන්වහන්සේ ගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.

2 කොරින්ති 4:7
නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

නික්මයාම 20:3
මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.

ජාකොබ් 4:10
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැම උසස්කරනසේක.

ශුද්ධවර මතෙව් 6:24
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට ඔබ සැමට නුපුළුවන.

පිලිප්පි 4:6
ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.

ගීතාවලිය 103:2-3
[2] මාගේ ආත්මය, ස්වාමීන් ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. [3] උන්වහන්සේ ඔබේ සියලු අයුතුකම් කමාකරනසේක; ඔබේ සියලු රෝග සුවකරනසේක;

ගණන් කථාව 11:31-33
[31] එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය.[32] සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය.[33] නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේ ගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.

නික්මයාම 9:8-11
[8] තවද ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: උදුනේ අලු අත් පුරා ගන්න, මෝසෙස් ඒවා ඵාරාවෝගේ ඇස් හමුවෙහිදී අහස දෙසට ඉසීවා.[9] ඒවා මිසර දේශය මුළුල්ලෙහි සිහින් ධූලිව, මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටද මෘගයන් පිටද වණ හටගන්නා ගඩුවන්නේයයි කීසේක.[10] ඔව්හු උදුනේ අලු රැගෙන ඵාරාවෝ ඉදිරිපිට සිටියෝය; මෝසෙස් ඒවා අහස දෙසට ඉස්සේය; ඒවා මනුෂ්‍යයන් පිටත් මෘගයන් පිටත් වණ හටගන්නා ගඩු විය.[11] ගඩු නිසා මායාකාරයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්ට නුපුළුවන් වූයේය; මක්නිසාද මායාකාරයන් සහ සියලු මිසරවරුන්ට ගඩු හැදුණේය.

ජාකොබ් 1:2-6
[2] මාගේ සහෝදරයෙනි, ඔබ සැමගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන,[3] අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.[4] නුමුත් ඔබ සැම කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.[5] නුමුත් ඔබ සැමගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.[6] නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.

එළිදරව්ව 9:15-19
[15] එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය.[16] අසරු සේනාවල ගණන විසිකෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි.[17] මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය.[18] උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය.[19] මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති.

ශුද්ධවර මාක් 13:32-37
[32] නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති.[33] ඒ කාලය කවදා වේදැයි ඔබ සැම නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරන්න.[34] ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.[35] එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් ඔබ සැම නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න.[36] මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි ඔබ සැම නොදන්නහුය.[37] මම ඔබ සැමට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටින්නැයි කීසේක.

ගීතාවලිය 91:2-14
[2] උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි. [3] මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද ඔබ මුදාහරිනසේක. [4] උන්වහන්සේ ස්වකීය පියාපතින් ඔබ වසනසේක, ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. [5] රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, [6] අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය. [7] ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය. [8] ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. [9] මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය; [10] ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. [11] මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක. [12] ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය. [13] ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. [14] ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

ශුද්ධවර ලූක් 21:5-38
[5] සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට:[6] ඔබ සැම බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක.[7] ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදු වෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.[8] උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්-ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.[9] යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.[10] එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.[11] මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය[12] නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු ඔබ සැම පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් ඔබ සැම පාවාදෙමින්, ඔබ සැමට පීඩාකරන්නෝය, ඔබ සැම රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.[13] ඒක ඔබ සැමට සාක්ෂියක් පිණිස වන්නේය.[14] එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට ඔබ සැමගේ සිත්හි නියමකරගන්න.[15] මක්නිසාද ඔබ සැමගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම ඔබ සැමට දෙන්නෙමි.[16] එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම ඔබ සැම භාරදෙනු ලබන්නහුය; ඔව්හු ඔබ සැමගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය.[17] මාගේ නාමය නිසා සියල්ලෝම ඔබ සැමට වෛරවන්නෝය.[18] නුමුත් ඔබ සැමගේ හිසකෙසක්වත් නැති නොවන්නේය.[19] ඔබ සැම ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් ඔබ සැමගේ ආත්ම දිනාගන්නහුය.[20] එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා ඔබ සැම දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.[21] එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.[22] මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.[23] ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.[24] ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය. සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.[25] ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.[26] මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.[27] එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය.[28] මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, ඔබ සැමගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.[29] තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: අත්තික්කා ගසද සියලු ගස්ද බලන්න.[30] ඒවා දළුලන විට, ඒ දැක ග්‍රීෂ්ම කාලය දැනටම ළඟ බව ඔබ සැමම දැනගන්නහුය.[31] එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගන්න.[32] සැබැවක් ඔබ සැමට කියමි-සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.[33] අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය.[34] එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ සැම කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද ඔබ සැමගේ සිත් බර නොවන හැටියට බලාගන්න.[35] මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.[36] එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.[37] උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.[38] මුළු සෙනඟද උන්වහන්සේගේ වචන අසන පිණිස දේවමාළිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයේම ආවෝය.

ශුද්ධවර මතෙව් 24:1-35
[1] යේසුස් වහන්සේ දේව මාළිගාවෙන් නික්ම යන කල මාළිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය.[2] නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල ඔබ සැමට පෙනෙනවා නොවේද? සැබවක් ඔබ සැමට කියමි-කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.[3] උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.[4] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් ඔබ සැම මුළා නොකරන ලෙස බලාගන්න.[5] මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.[6] යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන ඔබ සැම අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.[7] මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.[8] මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය.[9] එකල ඔව්හු ඔබ සැම පීඩා විඳීමට පාවාදී මරන්නෝය. ඔබ සැම මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.[10] එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.[11] නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය.[12] අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.[13] නුමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැළවෙන්නේය.[14] රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.[15] එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා ඔබ සැම යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා),[16] එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.[17] ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා.[18] කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා.[19] නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.[20] ඔබ සැමගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න.[21] මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.[22] ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.[23] එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි ඔබ සැමට කියන්නේ නම් විශ්වාස නොකරන්න.[24] මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.[25] බලව, මම ඔබ සැමට කලින් කීවෙමි.[26] එබැවින් ඔව්හු ඔබ සැමට කථාකොට: අන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න.[27] මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.[28] යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය.[29] තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.[30] එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.[31] උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.[32] අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව ඔබ සැම දන්නහුය.[33] එසේම ඔබ සැම මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගන්න.[34] සැබවක් ඔබ සැමට කියමි මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.[35] අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.

Sinhala Bible SROV
Ceylon Bible Society