A A A A A

දෙවියන් වහන්සේ: [වේලාව]


2 කොරින්ති 6:2
මක්නිසාද- පිළිගත යුතුවූ කාලයකදී ඔබට ඇහුම්කන්දුනිමි, ගැළවීමේ දවසකදී ඔබට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.

1 ජොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

ධර්මදේශකයා 3:11
උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.

ජෙරමියා 29:11
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ශුද්ධවර ජොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

ශුද්ධවර ජොහන් 9:4
දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.

හිතෝපදේශ 16:9
මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේ ය.

හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

හිතෝපදේශ 27:1
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි ඔබ නොදන්නෙහිය.

ගීතාවලිය 31:15
මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.

ගීතාවලිය 90:12
ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.

රෝම 13:11
තවද කාලය දැන, එනම් දැන් ඔබ සැම නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.

එස්තර් 4:14
මක්නිසාද මේ ප්‍රස්ථාවේදී ඔබ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් ඔබ සහ ඔබේ පියවංශය නැතිවන්නේය. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්ථාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.

ශුද්ධවර මාක් 13:32-33
[32] නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති.[33] ඒ කාලය කවදා වේදැයි ඔබ සැම නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරන්න.

2 පේදුරු 3:8-9
[8] නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.[9] ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, ඔබ සැම කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

කොලොස්සි 4:5-6
[5] ඔබ සැම ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.[6] ඔබ සැම එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, ඔබ සැමගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.

එපීස 5:15-17
[15] ඒ නිසා ඔබ සැම ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,[16] දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.[17] මේ නිසා, ඔබ සැම අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

1 තෙසලෝනික 5:1-3
[1] නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන ඔබ සැමට යමක් ලියන්ට වුවමනා නැත.[2] මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ සැමම හොඳහැටි දනිහුය.[3] සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.

හිතෝපදේශ 6:6-8
[6] අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න. [7] ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්, [8] ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.

ජාකොබ් 4:13-17
[13] මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න.[14] මක්නිසාද හෙට මක්වේද කියා ඔබ සැම දන්නේ නැත. ඔබ සැමගේ ජීවිතය මොකක්ද? ඔබ සැම ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.[15] එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි ඔබ සැම විසින් කිය යුතුය.[16] නුමුත් දැන් ඔබ සැමගේ අහංකාර කථාවලින් ඔබ සැම පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.[17] එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.

ධර්මදේශකයා 3:1-8
[1] සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.[2] උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;[3] මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය;[4] අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;[5] ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය;[6] සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය;[7] ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය;[8] ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.

Sinhala Bible SROV
Ceylon Bible Society