ක්‍රියා 16:31 |
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට ඔබ ගැළවෙන්නෙහිය, ඔබද ඔබේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය. |
|
එපීස 2:8-9 |
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.[9] කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. |
|
රෝම 10:9-10 |
[9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගළවනු ලබන්නෙහිය.[10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය. |
|
ශුද්ධවර මාක් 16:16 |
අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. |
|
එපීස 2:8-10 |
[8] මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය. එය ඔබ සැමගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.[9] කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.[10] මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක. |
|
රෝම 10:13 |
මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. |
|
ශුද්ධවර මතෙව් 10:22 |
ඔබ සැම මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය. |
|
ක්‍රියා 2:38 |
පේතෘස්: ඔබ සැම සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව ඔබ සැම ලබන්නහුය. |
|
ශුද්ධවර ජොහන් 3:16 |
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. |
|
ශුද්ධවර මතෙව් 25:31-46 |
[31] මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.[32] එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,[33] බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.[34] එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.[35] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය;[36] වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, ඔබ සැම මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, ඔබ සැම මා වෙතට ආවහුයයි කියනසේක.[37] එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?[38] කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද?[39] කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.[40] එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.[41] එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.[42] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. ඔබ සැම මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. ඔබ සැම මට බොන්ට නුදුන්නහුය.[43] ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, ඔබ සැම මා බලන්ට නාවහුයයි කියනසේක.[44] එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත.[45] එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.[46] මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක. |
|
ශුද්ධවර මතෙව් 7:21-23 |
[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.[22] ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.[23] එවිට මම: කිසිකලෙකත් ඔබ සැම නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. |
|
ශුද්ධවර ජොහන් ३:३ |
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් ඔබට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. |
|
රෝම 3:23 |
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. |
|
ජාකොබ් 2:24 |
මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව ඔබ සැමට පෙනෙන්නේය. |
|
ක්‍රියා 22:16 |
ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, ඔබේ පව් සෝදාදමන්නැයි කීවේය. |
|
රෝම 6:23 |
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. |
|
2 කොරින්ති ൫:൧൭ |
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ. |
|
ගලාති ൩:൨൭ |
මක්නිසාද ඔබ සැමගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය. |
|
ශුද්ධවර ලූක් ൧൦:൨൫-൨൮ |
[൨൫] බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.[൨൬] උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? ඔබ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.[൨൭] ඔහු උත්තරදෙමින්: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් ඔබට මෙන් ඔබේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.[൨൮] උන්වහන්සේ: ඔබ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට ඔබ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව: |
|
ශුද්ධවර ජොහන් ൩:൧൬-൧൮ |
[൧൬] මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.[൧൭] මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.[൧൮] උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි. |
|
එපීස ൨:൧൦ |
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක. |
|
1 කොරින්ති 12:13 |
මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. |
|
2 පේදුරු ൩:൯ |
ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, ඔබ සැම කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. |
|
ක්‍රියා ൧൭:൩൦ |
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක. |
|
ජාකොබ් ൨:൧൮ |
එසේය, යමෙක් කථාකොට: ඔබට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත. |
|
ශුද්ධවර ජොහන් ൮:൨൪ |
එහෙයින්, ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙනවා ඇතැයි ඔබ සැමට කීයෙමි. මක්නිසාද ඒ මමයයි ඔබ සැම විශ්වාසකළොත් මිස නැත්නම් ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙන්නහුයයි කීසේක. |
|
ශුද්ධවර ලූක් 13:3 |
එසේ නොවේයයි ඔබ සැමට කියමි. පසුතැවිලි නූණොත් ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝය. |
|
ජාකොබ් ൨:൧൪-൧൭ |
[൧൪] මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?[൧൫] සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී,[൧൬] ඔබ සැමගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?[൧൭] එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. |
|
ශුද්ධවර ජොහන් 6:47 |
සැබවක් සැබවක් ඔබ සැමට කියමි-අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. |
|
ශුද්ධවර ජොහන් 11:25-26 |
[25] යේසුස්වහන්සේ: නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.[26] ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාදැයි ඈට කීසේක. |
|
හෙබ්‍රෙව් 6:4-6 |
[4] මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,[5] දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්,[6] වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණගසා නින්දාවට පමුණුවති. |
|
1 ජොහන් 5:13 |
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ ඔබ සැමට මේ දේ මා ලියා එවුවේ ඔබ සැමට සදාකාල ජීවනය ඇති බව ඔබ සැම දැනගන්නා පිණිසය. |
|
ශුද්ධවර ජොහන් 3:17 |
මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. |
|
ශුද්ධවර ජොහන් 14:6 |
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත, |
|
යෙසායා 64:6 |
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි. |
|
2 තිමෝති 2:10 |
එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි. |
|
රෝම 8:29-30 |
[29] මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.[30] පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක. |
|
ශුද්ධවර මතෙව් 3:11 |
මම වනාහි පසුතැවිල්ල පිණිස ඔබ සැම වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද ඔබ සැම බව්තීස්මකරනසේක. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |