A A A A A

දෙවියන් වහන්සේ: [පූජා]


1 වංශාවලියේ 29:9
සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේ ට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.

2 කොරින්ති 9:7
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

ක්‍රියා 20:35
මෙසේ වැඩකරමින් ඔබ සැම දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී ඔබ සැමට ආදර්ශයක් වූයෙමියි කීවේය.

ද්විතීය නීති සංග්‍රහය 16:17
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.

හෙබ්‍රෙව් 13:15-16
[15] එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.[16] නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

ශුද්ධවර ලූක් 6:38
දෙන්න, එවිට ඔබ සැමටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් ඔබ සැමගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත ඔබ සැමටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.

ශුද්ධවර ලූක් 16:10
ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.

මලාකි 3:10
මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස ඔබ සැම ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් ඔබ සැමට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් ඔබ සැමට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ශුද්ධවර මතෙව් 23:23
ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

හිතෝපදේශ 11:24
විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.

හිතෝපදේශ 28:27
දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.

ගීතාවලිය 4:5
ධර්මිෂ්ඨකමේ පූජා පුදමින්, ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබව්.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.

හිතෝපදේශ 3:9-10
[9] ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේ ට ගෞරව කරන්න. [10] එවිට ඔබේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, ඔබේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

ශුද්ධවර ලූක් 12:33-34
[33] ඔබ සැම සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි ඔබ සැමට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.[34] මක්නිසාද ඔබ සැමගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද ඔබ සැමගේ සිතත් එහිම තිබෙන්නේය.

ශුද්ධවර මතෙව් 6:19-21
[19] පොළොවෙහි ඔබ සැමට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.[20] නුමුත් ස්වර්ගයෙහි ඔබ සැමට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.[21] මක්නිසාද ඔබේ වස්තුව යම් තැනෙක්හිද ඔබේ සිතත් එතැන්හිම වන්නේය.

ශුද්ධවර මතෙව් 6:31-33
[31] එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.[32] මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.[33] නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

ගීතාවලිය 96:7-9
[7] මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන් ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන් ට දෙව්. [8] ස්වාමීන් ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්. [9] ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන් ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.

ශුද්ධවර මාක් 12:41-44
[41] උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.[42] දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.[43] උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් ඔබ සැමට කියමි-ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.[44] මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.

ශුද්ධවර ලූක් 21:1-4
[1] උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක.[2] එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක:[3] සැබවක් ඔබ සැමට කියමි-මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය.[4] මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.

මලාකි 3:8-12
[8] මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? ඔබ සැම නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි ඔබ සැම අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය.[9] ශාපය ඔබ සැම පිටට පැමිණ තිබේ; මක්නිසාද ඔබ සැම, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.[10] මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස ඔබ සැම ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් ඔබ සැමට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් ඔබ සැමට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.[11] ඔබ සැමගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට ඔබ සැම උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ ඔබ සැමගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.[12] ඔබ සැම වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද ඔබ සැම ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society