A A A A A

දෙවියන් වහන්සේ: [දෙවියන්ගේ නම්]


නික්මයාම 3:14-15
[14] එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමි යි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක.[15] තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

නික්මයාම 20:7
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.

නික්මයාම 34:14
මක්නිසාද ස්වයම් ගෞරව රක්ෂක නම්වූ ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ දෙවිකෙනෙක් බැවින් ඔබ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය.

උත්පත්ති 1:1
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.

උත්පත්ති 17:1
ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.

යෙසායා ٧:١٤
එබැවින් ස්වාමීන්වහන්සේ ම ඔබ සැමට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.

යෙසායා ๔๒:๘
මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.

යෙසායා ٤٥:٥
මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.

යෙසායා ٥٥:٦
ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.

ජෙරමියා ١٦:٢١
එබැවින්, මෙන්න, මේ වතාවේ පමණක් ඔවුන්ට දැනගන්ට සලස්වන්නෙමි, මාගේ හස්තයත් මාගේ පරාක්‍රමයත් දැනගන්ට සලස්වන්නෙමි; මාගේ නාමය යොහෝවඃවහන්සේ බව ඔව්හු දැනගන්නෝය.

ශුද්ධවර ජොහන් ١:١
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.

ශුද්ධවර ජොහන් ١٤:٦
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

වීරාවලිය 13:18
ස්වාමීන්වහන්සේ ගේ දූතයාද: ඔබ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි කීවේය.

ලෙවී ව්‍යවස්ථාව 19:12
ඔබේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේ ය.

ශුද්ධවර මතෙව් ٦:٩
එහෙයින් ඔබ සැම මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.

ශුද්ධවර මතෙව් 28:19
එබැවින් ඔබ සැම ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

හිතෝපදේශ 18:10
ස්වාමීන්වහන්සේ ගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.

හිතෝපදේශ 30:4
ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.

ගීතාවලිය 61:8
එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.

එළිදරව්ව 1:8
මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

රෝම 8:15
මක්නිසාද ඔබ සැම භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

ගීතාවලිය 20:7-8
[7] සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන් ගේ නාමය සඳහන්කරන්නෙමුව. [8] ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.

පිලිප්පි 2:10-11
[10] එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්,[11] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

නික්මයාම 3:13-15
[13] මෝසෙස් කථාකොට: බැලුවමැනව, මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ-ඔබ සැමගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි දෙවියන්වහන්සේට කීවේය.[14] එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමි යි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක.[15] තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

Sinhala Bible SROV
Ceylon Bible Society