A A A A A

දෙවියන් වහන්සේ: [මම කවදාවත් ඔබව හැරයන්නේ නැ]


1 වංශාවලියේ २८:२०
दाऊद राजाले आफ्‍ना छोरा सोलोमनलाई भने, “भरोसा राख र सङ्कल्‍प गर। काम सुरु गर र केही कुराले त्‍यसलाई रोक्‍न नदेऊ। परमप्रभु परमेश्‍वर, जसको म सेवा गर्दछु, तिमीसित रहनुहुनेछ। उहाँले तिमीलाई त्‍याग्‍नुहुन्‍न र मन्‍दिर बनाउन गर्नुपर्ने काम तिमीले नसकेसम्‍म उहाँ तिमीसित रहनुहुनेछ।

1 කොරින්ති १०:१३
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

1 රාජාවලියේ 8:57
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා.

1 පේදුරු 5:7
උන්වහන්සේ ඔබ සැම ගැන සලකන බැවින් ඔබ සැමගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.

2 තිමෝති १:७
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ද්විතීය නීති සංග්‍රහය 4:31
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ ඔබ අත්නොහරිනසේක, ඔබ විනාශනොකරනසේක, උන්වහන්සේ ඔබේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.

ද්විතීය නීති සංග්‍රහය ३१:६-८
[६] ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය.[७] මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.[८] ස්වාමීන්වහන්සේ ම ඔබට පෙරටුව යනසේක; උන්වහන්සේ ඔබ සමඟ වනසේක, උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.

උත්පත්ති 28:15
බලව, මම ඔබ සමඟ සිටිමි, ඔබ යන සියලු තැන්හිදී ඔබ ආරක්ෂාකර නැවත මේ දේශයට ඔබ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් ඔබට කී දෙය සිදුකරන තුරු ඔබ අත් නොහරින්නෙමියි කීසේක.

හෙබ්‍රෙව් ४:१६
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

හෙබ්‍රෙව් १३:४-६
[४] විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.[५] ඔබ සැමට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.[६] මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

ජෝෂු 1:5-9
[5] ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි. ඔබෙන් අහක්ව නොයන්නෙමි, ඔබ අත්නාරින්නෙමි.[6] ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය ඔබ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.[7] මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. ඔබ යන සෑමතැනදීම ඔබට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.[8] මේ ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාව ල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබේ මාර්ගය සඵලවී ඔබට ශුභ සිද්ධවන්නේය.[9] මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.

මීකා 7:8
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.

ශුද්ධවර මතෙව් २८:२०
මා විසින් ඔබ සැමට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම ඔබ සැම සමඟ සිටිමියි කීසේක.

ගීතාවලිය 55:22
ඔබේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ ඔබ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.

ගීතාවලිය ९४:१४
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.

එළිදරව්ව ३:१०
මාගේ ඉවසීමේ වචනය ඔබ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂාකරන්නෙමි.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

පිලිප්පි 4:6-7
[6] ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.[7] එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

ගීතාවලිය 73:23-26
[23] එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. [24] ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක. [25] ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත. [26] මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.

යෙසායා 41:10-13
[10] භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි.[11] ඔබ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. ඔබ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.[12] ඔබ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් ඔබ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. ඔබට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.[13] මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

Sinhala Bible SROV
Ceylon Bible Society