A A A A A

දෙවියන් වහන්සේ: [ඔබ මෙන් එන්න]


ශුද්ධවර මතෙව් ൧൧:൨൭-൩൦
[൨൭] මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.[൨൮] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.[൨൯] මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ සැම පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබ සැමගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.[൩൦] මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

ශුද්ධවර ජොහන් ൬:൬൩-൬൫
[൬൩] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබ සැමට කී වචන ආත්මයද ජීවනයද වෙයි.[൬൪] නුමුත් විශ්වාස නොකරන සමහරෙක් ඔබ සැම අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.[൬൫] එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව ඔබ සැමට කීවෙමියි කීසේක.

ශුද්ධවර මතෙව් ൧൧:൨൮
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

යෙසායා ൧:൧൮
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ සැමගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.

යෙසායා 55:1-3
[1] එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, ඔබ සැමත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.[2] කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට ඔබ සැමගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, ඔබ සැමගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.[3] ඔබ සැමගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට ඔබ සැමගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් ඔබ සැම සමඟ කරන්නෙමි.

ශුද්ධවර මතෙව් ൧൫:൭-൯
[൭] වංචාකාරයෙනි, යෙසායා ඔබ සැම ගැන කථාකොට:[൮] මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. [൯] මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.

ශුද්ධවර මාක් ൧൦:൧൩-൧൬
[൧൩] ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නුමුත් ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.[൧൪] යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.[൧൫] සැබවක් ඔබ සැමට කියමි-යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි ඔවුන්ට කීසේක.[൧൬] උන්වහන්සේ ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.

ජාකොබ් ൪:൬-൮
[൬] නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.[൭] එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු ඔබ සැම වෙතින් පලායනවා ඇත.[൮] දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැමට ළංවෙනසේක. පව්කාරයෙනි, ඔබ සැමගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබ සැමගේ සිත් පරිසිදුකරගන්න.

2 කොරින්ති ൫:൧൭
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

ශුද්ධවර ජොහන් 5:24
සැබවක් සැබවක් ඔබ සැමට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

රෝම ൧൨:൧-൨
[൧] එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.[൨] ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

හෙබ්‍රෙව් ൧൨:൧
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

ලෙවී ව්‍යවස්ථාව 25:44
ඔබට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, ඔබ සැම වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය.

ගීතාවලිය ൩൨:൮-൧൦
[൮] ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි. [൯] තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති. [൧൦] දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය.

යෙසායා ൨൯:൧൩
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,

ශුද්ධවර ජොහන් ൫:൪൦
නුමුත් ඔබ සැම ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.

ශුද්ධවර ජොහන් 6:44-45
[44] මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.[45] සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.

ශුද්ධවර ජොහන් 7:37-39
[37] මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.[38] මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.[39] උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

හෙබ්‍රෙව් 4:14-16
[14] එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.[15] මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැෙනන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.[16] එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

එළිදරව්ව 22:16-17
[16] යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන ඔබ සැමට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.[17] ආත්මයාණන්වහන්සේද මනමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.

ශුද්ධවර ජොහන් 6:37
පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

එළිදරව්ව 22:17
ආත්මයාණන්වහන්සේද මනමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.

යෙසායා 13:6-8
[6] මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.[7] එබැවින් සෑම අත් බෙලහීන වන්නේය, සියලු මනුෂ්‍යයන්ගේ සිත්ද දියවන්නේය.[8] ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.

එළිදරව්ව 12:9
මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.

පිලිප්පි 1:6
ඔබ සැම තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

එළිදරව්ව 21:4
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.

හෙබ්‍රෙව් 10:19-22
[19] එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,[20] උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,[21] දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද,[22] නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

ජෝවෙල් 2:32
තවද ස්වාමීන්වහන්සේ ගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත..

ගීතාවලිය 104:9
ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.

උත්පත්ති 6:12
දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.

උත්පත්ති 8:9
එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය.

උත්පත්ති 9:11
ඔබ සැම සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක.

උත්පත්ති 7:20
කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය.

උත්පත්ති 8:5
දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.

හිතෝපදේශ 31:30
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.

Sinhala Bible SROV
Ceylon Bible Society