A A A A A

පල්ලිය: [ස්වර්ගයට යාම]


ශුද්ධවර ජොහන් 14:2-3
[2] මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් ඔබ සැමට කියනවා ඇත; මක්නිසාද ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.[3] මම ගොස් ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන ඔබ සැමත් සිටින පිණිස මම නැවත ඇවිත් ඔබ සැම මා ළඟට ගන්නෙමි.

පිලිප්පි 3:20-21
[20] නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලාසිටිමුව.[21] සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.

ක්‍රියා 1:11
ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ සැම ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? ඔබ සැම කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා ඔබ සැම දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.

හෙබ්‍රෙව් 11:16
නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.

ශුද්ධවර ජොහන් 14:1-3
[1] ඔබ සැමගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න.[2] මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් ඔබ සැමට කියනවා ඇත; මක්නිසාද ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.[3] මම ගොස් ඔබ සැමට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන ඔබ සැමත් සිටින පිණිස මම නැවත ඇවිත් ඔබ සැම මා ළඟට ගන්නෙමි.

ශුද්ධවර මතෙව් 18:15-18
[15] තවද ඔබේ සහෝදරයා ඔබ සැමට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කී දේ ඔහු ඇසුවොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහිය.[16] නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස ඔබ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.[17] ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු ඔබ සැමට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.[18] සැබවක් ඔබ සැමට කියමි: ඔබ සැම පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.

ශුද්ධවර ජොහන් 14:28
මම අහක්ව ගොස් ඔබ සැම ළඟට නැවත එමියි මා ඔබ සැමට කී බව ඔබ සැම ඇසුවහුය. ඔබ සැම මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් ඔබ සැම සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

ශුද්ධවර ජොහන් 3:13
ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.

එළිදරව්ව 21:1-4
[1] අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය.[2] තවද තමාගේ පුරුෂයාට සරසනලද මනමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.[3] තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.[4] උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.

1 තිමෝති 3:15
මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා ඔබ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.

ශුද්ධවර ජොහන් 14:6
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

ශුද්ධවර මාක් 6:3
මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.

පිලිප්පි 3:21
සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.

ශුද්ධවර ජොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

1 කොරින්ති 13:12
එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.

ශුද්ධවර ජොහන් 3:3-5
[3] යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් ඔබට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.[4] නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය.[5] යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් ඔබට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.

හෙබ්‍රෙව් 12:14
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.

එළිදරව්ව 21:1-2
[1] අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය.[2] තවද තමාගේ පුරුෂයාට සරසනලද මනමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.

1 කොරින්ති 15:40-49
[40] ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.[41] සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.[42] මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගුටුවනු ලැබේ.[43] අගෞරවයෙන් යුක්තව වපුරනු ලැබේ; තේජසින් යුක්තව නැගුටුවනු ලැබේ; දුර්වලකමෙන් යුක්තව වපුරනු ලැබේ; බලයෙන් යුක්තව නැගුටුවනු ලැබේ.[44] ස්වාභාවික ශරීරයක්ව වපුරනු ලැබේ; ආත්මික ශරීරයක්ව නැගුටුවනු ලැබේ. ස්වභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක්ද තිබේ.[45] එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.[46] එසේවී නුමුත් ප්‍රථමවන්නේ ආත්මික එක නොව ස්වාභාවික එකය; පසුව ආත්මික එක විය.[47] පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය.[48] භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය.[49] අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව.

ශුද්ධවර ලූක් 24:39
මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා ඔබ සැමට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.

යෙසායා 65:17-25
[17] මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.[18] එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි.[19] මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.[20] දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.[21] ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.[22] ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.[23] ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ ගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.[24] ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.[25] වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

හෙබ්‍රෙව් 9:27
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,

පිලිප්පි 1:21-23
[21] මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය.[22] නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි.[23] නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.

එපීස 1:22-23
[22] සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.[23] ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.

1 කොරින්ති 1:10
ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, ඔබ සැම අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමගෙන් ඉල්ලමි.

ශුද්ධවර ජොහන් 8:12
එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.

1 පේදුරු 3:15
නුමුත් ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. ඔබ සැම තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන ඔබ සැමගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

ශුද්ධවර ලූක් 5:10
සීමොන්ගේ හවුල්කාරයෝවූ සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිතවූවෝය. යේසුස්වහන්සේ: භයනොවන්න, මෙතැන් පටන් ඔබ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක.

ජාකොබ් 5:16
එබැවින් ඔබ සැමගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

2 තිමෝති 2:2
බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔබ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදෙන්න.

එළිදරව්ව 12:1
තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;

ශුද්ධවර ජොහන් 6:51
ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයි කීසේක.

2 කොරින්ති 5:8
එසේය, අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමැතිවෙමුව.

ශුද්ධවර ලූක් 10:16
ඔබ සැමගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ සැම එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.

ශුද්ධවර ජොහන් 16:13
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා ඔබ සැමට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ ඔබ සැමට ප්‍රකාශකරනසේක.

1 ජොහන් 4:6
අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැනගනිමුව.

ශුද්ධවර ජොහන් 21:15-19
[15] මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.[16] නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, ඔබ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.[17] උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, ඔබ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ-ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.[18] සැබවක් සැබවක් ඔබට කියමි-ඔබේ යෞවන කාලයේ ඔබේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නුමුත් ඔබ මහලුවූ කල ඔබේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක.[19] ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.

ශුද්ධවර මතෙව් 6:14
මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, ඔබ සැමගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ ඔබ සැමටත් කමාකරනසේක.

ශුද්ධවර මතෙව් 24:37-41
[37] නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.[38] මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය.[39] ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.[40] එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය.[41] ස්ත්‍රියන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත; එක් තැනැත්තියක් ගනු ලබන්නීය, එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නීය.

1 තිමෝති 2:4
අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.

1 තෙසලෝනික 4:17
එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.

1 ජොහන් 5:13
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ ඔබ සැමට මේ දේ මා ලියා එවුවේ ඔබ සැමට සදාකාල ජීවනය ඇති බව ඔබ සැම දැනගන්නා පිණිසය.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ශුද්ධවර ජොහන් 5:24
සැබවක් සැබවක් ඔබ සැමට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

ශුද්ධවර මතෙව් 25:46
මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.

ශුද්ධවර ලූක් 23:43
උන්වහන්සේද: සැබවක් ඔබට කියමි-අදම ඔබ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.

යෙසායා 35:5-6
[5] එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.[6] එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.

මලාකි 1:11
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society