A A A A A

පල්ලිය: [බොරු ගුරුවරු]


එසකියෙල්ගේ 13:9
මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.

ජෙරමියා 23:16
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට ඔබ සැමට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් ඔබ සැමට කියති.

ශුද්ධවර ලූක් 6:26
සියලු මනුෂ්‍යයන් ඔබ සැම ගැන හොඳ කියන කල ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෘන්ටත් එසේම කළෝය.

ශුද්ධවර මතෙව් 24:24
මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.

ශුද්ධවර මතෙව් 16:11-12
[11] රොටි ගැන මා විසින් ඔබ සැමට නොකී බව ඔබ සැමට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් පරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක.[12] එවිට උන්වහන්සේ පරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.

2 තිමෝති 4:3-4
[3] මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,[4] සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.

2 තිමෝති 4:3-4
[3] මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,[4] සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.

ක්‍රියා 20:28-30
[28] දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි ඔබ සැම නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් ඔබ සැමම ගැනත් ප්‍රවේසම්වෙන්න.[29] මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් ඔබ සැම අතරට පැමිණෙන බව දනිමි.[30] ඔබ සැම අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.

2 පේදුරු 3:14-18
[14] ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, ඔබ සැම මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.[15] අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස ඔබ සැමට ලියා එවුවාක්මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.[16] එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.[17] එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ සැම මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් ඔබ සැමගේ ම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.[18] එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.

1 ජොහන් 4:1-6
[1] ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.[2] මෙයින් ඔබ සැම දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය.[3] යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි ඔබ සැම ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය.[4] මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ සැම දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා ඔබ සැම තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, ඔබ සැම ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.[5] එබැවින් ලෝකයෙන් වූවාක්මෙන් කථාකරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති.[6] අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැනගනිමුව.

ශුද්ධවර මතෙව් 7:15-20
[15] බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් ඔබ සැම ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.[16] ඔවුන්ගේ ඵලවලින් ඔබ සැම ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?[17] එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.[18] හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.[19] හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.[20] එබැවින් ඔවුන්ගේ ඵලවලින් ඔබ සැම ඔවුන් ඇඳිනගන්නහුය.

2 පේදුරු 1:12-21
[12] එබැවින් ඔබ සැම මේ දේවල් දැන ඔබ සැමට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම ඔබ සැමට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.[13] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන,[14] මම මේ කූඩාරමෙහි සිටින තුරු, ඔබ සැමට සිහිකරවීමෙන් ඔබ සැම පුබුදුවන්ට යුතුයයි සිතමි.[15] එසේය, මාගේ ඇවෑමෙන් පසු ඔබ සැමට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.[16] මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් අප ඔබ සැමට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව.[17] මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක.[18] උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ.[19] ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන,[20] අලුයම පැමිණ පහන් තාරකාව ඔබ සැමගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.[21] මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.

තීතස් 1:6-16
[6] පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය.[7] මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,[8] ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.[9] තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.[10] මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කථාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය.[11] ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.[12] ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ.[13] මේ සාක්ෂිය සැබෑය. මේ කාරණය නිසා ඔවුන් යුදෙව් ප්‍රබන්ධද සැබෑකමෙන් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසලකා,[14] ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටුකරන්න.[15] පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.[16] ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.

2 පේදුරු 2:1-22
[1] නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු ඔබ සැම අතරෙන් වන්නෝය.[2] ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත; ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය.[3] තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් ඔබ සැම වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.[4] මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,[5] උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්,[6] සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,[7] දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද,[8] ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,[9] භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,[10] දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.[11] එහෙත් දේවදූතයෝ පරාක්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති.[12] නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;[13] ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු ඔබ සැම සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති;[14] ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;[15] ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;[16] නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.[17] ඔව්හු වතුර නැති උල්පත්ය, තද සුළඟින් ගසාගනයන මීදුම්ය; ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම ඉතුරුකර තබා තිබේ.[18] මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;[19] ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දුවෙති; මක්නිසාද යමෙක් යමෙකුගෙන් පරාජයවුණොත් ඔහු ඒ තැනැත්තාට වහල්ව සිටියි.[20] මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.[21] මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.[22] බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.

ශුද්ධවර මතෙව් 23:1-29
[1] එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට:[2] ලියන්නෝද පරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.[3] එබැවින් ඔවුන් ඔබ සැමට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.[4] එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.[5] ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,[6] මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද,[7] වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.[8] නුමුත් ඔබ සැම රබ්බියි කියවා නොගන්න. මක්නිසාද ඔබ සැමගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, ඔබ සැම සියල්ලෝම සහෝදරයෝය.[9] පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද ඔබ සැමගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.[10] ඔබ සැම නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද ඔබ සැමගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය.[11] නුමුත් ඔබ සැම අතරෙන් ඉතා උත්තමයා ඔබ සැමගේ සේවකයා වන්නේය.[12] තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.[13] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, ඔබ සැමම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත. [14] ***[15] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම එක්කෙනෙකු හරවාගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය; හරවාගත්තාම, ඔබ සැමටත් වඩා දෙගුණයක් ඔහු නිරයේ පුත්‍රයෙකු කරන්නහුය.[16] අන්ධවූ මග පෙන්වන්නෙනි, ඔබ සැමට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද ඔබ සැම කියන්නෝය.[17] අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද?[18] තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද ඔබ සැම කියන්නෝය.[19] අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද?[20] එබැවින් පූජාසනය ගැන දිවුරන්නා ඒ ගැනද ඒ පිට තිබෙන සියල්ල ගැනද දිවුරන්නේය.[21] දේවමාළිගාව ගැන දිවුරන්නා ඒ ගැනද එහි වසන තැනන්වහන්සේ ගැනද දිවුරන්නේය.[22] ස්වර්ගය ගැන දිවුරන්නාද දෙවියන්වහන්සේගේ සිංහාසනය ගැනත් එහි වැඩ හිඳින තැනන්වහන්සේ ගැනත් දිවුරන්නේය.[23] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඔබ සැම විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.[24] අන්ධවූ මගපෙන්වන්නෙනි, ඔබ සැම මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.[25] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.[26] අන්ධවූ පරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.[27] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.[28] එසේම ඔබ සැමත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.[29] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා:

Sinhala Bible SROV
Ceylon Bible Society