1 කොරින්ති 1:5 |
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ඔබ සැම තුළ ස්ථිරවූ ලෙසම, |
|
ක්‍රියා 2:4 |
ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය. |
|
ක්‍රියා 19:6 |
පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය. |
|
ගලාති 5:22 |
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, |
|
ශුද්ධවර මාක් 16:17 |
අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; |
|
1 කොරින්ති 14:2 |
මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත. |
|
1 කොරින්ති 14:23 |
එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් ඔබ සැමට ඔල්මාදයයි කියන්නේ නැද්ද? |
|
1 කොරින්ති 14:27-28 |
[27] යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.[28] තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා. |
|
1 කොරින්ති 12:8-11 |
[8] කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,[9] එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුවකිරීමේ දීමනාවද, තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද,[10] තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.[11] නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක. |
|
1 කොරින්ති 13:1-13 |
[1] මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.[2] මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.[3] මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.[4] ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,[5] උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;[6] අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,[7] සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.[8] ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත. අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය; දැනගැන්ම වුවත්, නැතිවන්නේය.[9] මක්නිසාද අපේ දැනගැන්ම මඳය, අනාගතවාක්යකීමත් මඳය,[10] නුමුත් සම්පූර්ණ එක පැමුණුණාම මඳක්ව තිබෙන දේ නැතිවන්නේය.[11] මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.[12] එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.[13] දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය. |
|
1 කොරින්ති 14:1-40 |
[1] ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න.[2] මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.[3] නුමුත් ධර්මවාක්‍ය පවසන්නා වර්ධනවීමද දැනමුතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කථාකරන්නේය.[4] අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.[5] ඔබ සැම සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් ඔබ සැම ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය.[6] ඉතින්, සහෝදරයෙනි, මම ඔබ සැම ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් ඔබ සැමට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් ඔබ සැමට මොන ප්‍රයෝජනයක්ද?[7] එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්-නළාව වුණත් වීණාව වුණත්-වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද?[8] එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද?[9] එසේම ඔබ සැමත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? ඔබ සැම හුළඟට කථාකරන්නාක්මෙන් වේ.[10] යම් පමණ වෙනස්වූ භාෂාවල් ලෝකයේ ඇද්ද, එයින් එකක්වත් අර්ථ රහිත නැත.[11] එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ.[12] එසේම ඔබ සැමත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න.[13] එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා.[14] මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.[15] එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.[16] නැත්නම්, ඔබ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා ඔබ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් ඔබේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?[17] ඔබ නම් හොඳාකාරයෙන් ස්තුතිකෙරෙහිය, නුමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ.[18] ඔබ සැම සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.[19] එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි.[20] සහෝදරයෙනි, ඔබ සැම බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න; නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න.[21] අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනඟට කථාකරන්නෙමි; එසේවුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.[22] මෙසේ අන් භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නුමුත් ධර්මවාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය.[23] එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් ඔබ සැමට ඔල්මාදයයි කියන්නේ නැද්ද?[24] නුමුත් සියල්ලෝ ධර්මවාක්‍ය කියත් නම්, නොඅදහන්නෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල, සියල්ලන් විසින් ඔහුගේ වරද හඟවාදී, සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේය;[25] ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.[26] එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? ඔබ සැම රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.[27] යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.[28] තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා.[29] ධර්මවාක්‍ය කියන්නෝ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් කථාකරත්වා, අනික් අය විමසාබලත්වා.[30] නුමුත් එහි හිඳින අනිකෙකුට එළිදරව්කිරීමක් පැමුණුණොත්, පළමුවෙනි තැනැත්තේ නිශ්ශබ්දවේවා.[31] මක්නිසාද සියල්ලන් ඉගෙනගන්නා පිණිසත්, සියල්ලන් ධෛර්යවෙන පිණිසත්, සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන;[32] ධර්මවාක්‍ය කියන්නන්ගේ ආත්ම ධර්මවාක්‍ය කියන්නන්ට යටත්ව තිබේ.[33] මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.[34] ස්ත්‍රීහු සභාවලදී නිශ්ශබ්දව සිටිත්වා. මක්නිසාද කථාකරන්ට ඔවුන්ට අවසර නැත; ව්‍යවස්ථාවෙන් කියා තිබෙන ලෙස ඔව්හු යටත්ව සිටිත්වා.[35] ඔව්හු යමක් දැනගන්ට කැමති නම්, ගෙදරදී තමුන්ගේම පුරුෂයන්ගෙන් විචාරත්වා. මක්නිසාද සභාවේදී කථාකිරීම ස්ත්‍රියකට ලජ්ජාවක්ය.[36] මොකද? දෙවියන්වහන්සේගේ වචනය නික්මගියේ ඔබ සැම කෙරෙන්ද? නොහොත් ඒක පැමුණුණේ ඔබ සැම වෙතට පමණක්ද?[37] යමෙක් තමාම ධර්මවාක්‍ය පවසන්නෙක්ය කියා නොහොත් ආත්මික කෙනෙක්ය කියා සිතනවා නම්, මා විසින් ඔබ සැමට ලියන කාරණා ස්වාමීන්වහන්සේගේ ආඥාව බව ඔහු ඒත්තුගනීවා.[38] යමෙක් එය නොදන්නවා නම්, ඔහු නොදැන සිටීවා.[39] එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න.[40] නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |