1 ජොහන් ๔:๒๐ |
යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන. |
|
1 පේදුරු ๒:๑๖ |
එසේය, ඔබ සැම නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාරකරන්න. සියල්ලන්ටම ගෞරවකරන්න. |
|
ගලාති ๖:๓ |
මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි. |
|
ජෙරමියා ๒๓:๑๑ |
මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
ජෝබ් ๘:๑๓ |
දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය; අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය. |
|
ශුද්ධවර ලූක් ๖:๔๖ |
මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද? |
|
ශුද්ධවර ලූක් ๑๒:๒ |
මක්නිසාද එළිදරව් නොවන වසනලද දෙයක්වත් දැනගන්ට නොලැබෙන සඟවනලද දෙයක්වත් නැත. |
|
ශුද්ධවර මාක් ๗:๖ |
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ සෙනඟ ඔවුන්ගේ තොල්වලින් මට ගෞරවකරති, එහෙත් ඔවුන්ගේ සිත මාගෙන් දුරය. |
|
ශුද්ධවර මතෙව් ๖:๑ |
මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී ඔබ සැමගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ වෙත ඔබ සැමට විපාකයක් ඇත්තේ නැත. |
|
රෝම ๑๐:๓ |
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය. |
|
තීතස් ๑:๑๖ |
ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති. |
|
ශුද්ධවර මතෙව් ๒๓:๒๗-๒๘ |
[๒๗] ලියන්නෙනි, පරිසිවරුනි, වංචාකාරවූ ඔබ සැමට දුක්වේ! මක්නිසාද ඔබ සැම සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.[๒๘] එසේම ඔබ සැමත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය. |
|
ශුද්ධවර ලූක් ๒๐:๔๖-๔๗ |
[๔๖] දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති,[๔๗] වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක. |
|
ජාකොබ් ๑:๒๒-๒๓ |
[๒๒] නුමුත් ඔබ සැමම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.[๒๓] මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. |
|
ශුද්ධවර මතෙව් 6:16-18 |
[16] තවද ඔබ සැම නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[17] නුමුත් ඔබ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට මිස ඔබ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,[18] ඔබේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක. |
|
ශුද්ධවර මතෙව් 7:21-23 |
[21] ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.[22] ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.[23] එවිට මම: කිසිකලෙකත් ඔබ සැම නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. |
|
ශුද්ධවර මතෙව් 15:7-9 |
[7] වංචාකාරයෙනි, යෙසායා ඔබ සැම ගැන කථාකොට:[8] මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. [9] මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක. |
|
ශුද්ධවර මතෙව් 6:1-4 |
[1] මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී ඔබ සැමගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ වෙත ඔබ සැමට විපාකයක් ඇත්තේ නැත.[2] එබැවින් ඔබ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබ සැමට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.[3] නුමුත් ඔබ දන්දෙන කල්හි, ඔබේ දානය රහස්ව තිබෙන පිණිස, ඔබේ දකුණත කරන දෙය වමත නොදනීවා.[4] එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක. |
|
2 තිමෝති 3:1-5 |
[1] නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න.[2] මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,[3] ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,[4] ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,[5] දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න. |
|
රෝම 2:1-5 |
[1] එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, ඔබ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන ඔබ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, ඔබම එම දේවල් කරන නිසා ඔබටම වරද තබාගන්නෙහිය.[2] එබඳු දේ කරන්නන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ විනිශ්චය සැබෑවේ ප්‍රකාරයට පවත්නා බව දනිමුව.[3] එබඳු දේ කරන්නන් විනිශ්චයකරමින් එම දේ කරන මනුෂ්‍යය, ඔබ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද?[4] නොහොත් ඔබ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,[5] ඔබේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට ඔබ උදහස රැස්කරගන්නෙහිද? |
|
ජාකොබ් 1:21-26 |
[21] එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, ඔබ සැමගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.[22] නුමුත් ඔබ සැමම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.[23] මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.[24] මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.[25] නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.[26] යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. |
|
ශුද්ධවර ලූක් 6:37-42 |
[37] විනිශ්චය නොකරන්න, එවිට ඔබ සැමත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට ඔබ සැමත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට ඔබ සැමත් මුදාහරිනු ලබන්නහුය.[38] දෙන්න, එවිට ඔබ සැමටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් ඔබ සැමගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත ඔබ සැමටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.[39] තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියමින්: අන්ධයෙකුට මගපෙන්වන්ට අන්ධයෙකුට පුළුවන්ද? ඔවුන් දෙදෙනම වළක නොවැටෙන්නෝද?[40] ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නුමුත් සම්පූර්ණත්වයට පැමිණි සෑමදෙනම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නෝය.[41] ඔබේම ඇසේ තිබෙන දැවය නොබලා, ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ බලන්නේ මක්නිසාද?[42] නොහොත් ඔබේම ඇසේ තිබෙන දැවය නොබලා: සහෝදරය, ඔබේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට ඉඩදෙන්නැයි සහෝදරයාට කියන්ට ඔබට කෙසේ හැකිවේද? වංචාකාරය, පළමුකොට ඔබේම ඇසෙන් දැවය අරන්දමන්න, එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට ඔබට හොඳහැටි පෙනෙනවා ඇත. |
|
ශුද්ධවර මතෙව් 7:1-6 |
[1] ඔබ සැම විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න.[2] මක්නිසාද ඔබ සැම යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම ඔබ සැමත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් ඔබ සැම මැනදෙන්නහුද එයින්ම ඔබ සැමටත් මැනදෙනු ලබන්නේය.[3] ඔබේ ඇසේ තිබෙන දැවය නොසලකා, ඔබේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?[4] නොහොත් ඔබේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: ඔබේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?[5] වංචාකාරය, පළමුකොට ඔබේ ඇසෙන් දැවය පහකරන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබ සැමට හොඳ හැටි පෙනෙන්නේය.[6] ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, ඔබ සැමගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී ඔබ සැම ඉරාදමන්ට පුළුවන. |
|
1 ජොහන් 2:1-6 |
[1] මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා ඔබ සැමට ලියා එවන්නේ ඔබ සැම පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.[2] උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.[3] අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව.[4] උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.[5] නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව.[6] උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය. |
|
ශුද්ධවර ලූක් 16:10-15 |
[10] ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.[11] එබැවින් ඔබ සැම අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව ඔබ සැමට භාරදෙන්නේ කවුද?[12] අනිකෙකුගේ දේ ගැන ඔබ සැම විශ්වාසව නොසිටියා නම්. ඔබ සැමගේ ම දේ ඔබ සැමට දෙන්නේ කවුද?[13] ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවන්නේය, අනික් අයට ප්‍රේමවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම්වන්නේය, අනික් අය හෙළාදක්නේය. දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවයකරන්ට ඔබ සැමට බැරියයි කීසේක.[14] පරිසිවරු මුදලට ආශා ඇත්තෝ බැවින් මේ සියල්ල අසා උන්වහන්සේට කවටකම්කළෝය.[15] උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ ඔබ සැමගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. |
|
ජාකොබ් 2:14-26 |
[14] මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?[15] සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී,[16] ඔබ සැමගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?[17] එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.[18] එසේය, යමෙක් කථාකොට: ඔබට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත.[19] ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව ඔබ විශ්වාසකරන්නෙහිය; ඔබ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.[20] නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ දැනගන්ට කැමතිද?[21] අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද?[22] ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් ඔබට පෙනේ.[23] මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.[24] මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව ඔබ සැමට පෙනෙන්නේය.[25] එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද?[26] මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |