යෙසායා 35:4 |
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, ඔබ සැමගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් ඔබ සැම ගළවනසේකැයි කියන්න. |
|
ශුද්ධවර ජොහන් 14:27 |
ඔබ සැම වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබ සැමට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබ සැමගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න. |
|
ජෝෂු 1:9 |
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක. |
|
ශුද්ධවර මතෙව් 6:34 |
එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි. |
|
යෙසායා 43:1 |
එම්බා යාකොබ්, ඔබ මැවුවාවූද එම්බා ඉශ්රායෙල්, ඔබව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම ඔබ මුදාගතිමි; ඔබේ නම කියා හඬ ගැසීමි, ඔබ මාගේය. |
|
ගීතාවලිය 23:4 |
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. |
|
ගීතාවලිය 34:4 |
ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක. |
|
ගීතාවලිය 94:19 |
මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි. |
|
රෝම 8:38-39 |
[38] මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,[39] උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි. |
|
ගීතාවලිය 27:1 |
දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද? |
|
1 පේදුරු 5:6-7 |
[6] එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී ඔබ සැම උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;[7] උන්වහන්සේ ඔබ සැම ගැන සලකන බැවින් ඔබ සැමගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. |
|
ගීතාවලිය 118:6 |
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද? |
|
2 තිමෝති 1:7 |
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය. |
|
ගීතාවලිය 115:11 |
ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්.’ ඔවුන්ගේ උපකාරයන් පලිහත් උන්වහන්සේය. |
|
ගීතාවලිය 103:17 |
නුමුත් ස්වාමීන්වහන්සේ ගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ |
|
ගීතාවලිය 112:1 |
ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය. |
|
ද්විතීය නීති සංග්‍රහය 31:6 |
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය. |
|
1 වංශාවලියේ 28:20 |
තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: ඔබ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ ඔබෙන් ඉවත්නොවනසේක, ඔබ අත්නොහරිනසේක. |
|
ගීතාවලිය 56:3-4 |
[3] මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි. [4] මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද? |
|
යෙසායා 41:10-13 |
[10] භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි.[11] ඔබ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. ඔබ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.[12] ඔබ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් ඔබ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. ඔබට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.[13] මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි. |
|
යෙසායා 54:4 |
භය නොවන්න; මක්නිසාද ඔබ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; ඔබ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද ඔබ ඔබේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, ඔබේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය. |
|
ශුද්ධවර මතෙව් 10:28 |
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න. |
|
රෝම 8:15 |
මක්නිසාද ඔබ සැම භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. |
|
1 කොරින්ති 16:13 |
අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න. |
|
හෙබ්‍රෙව් 13:5-6 |
[5] ඔබ සැමට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.[6] මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව. |
|
1 ජොහන් 4:18 |
ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි. |
|
1 පේදුරු 3:13-14 |
[13] තවද ඔබ සැම යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, ඔබ සැමට අනතුරු කරන්නේ කවුද?[14] එහෙත් ඔබ සැම ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා; |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |