ගීතාවලිය 144:14 |
අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද, |
|
නෙහෙමියා 8:1 |
හත්වෙනි මාසය පැමිණි කල ඉශ්රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහෙනහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය. |
|
යෙසායා 24:11 |
මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය. |
|
ජෙරමියා 14:2 |
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය. |
|
හිතෝපදේශ 23:29 |
දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණ තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද? |
|
පිලිප්පි 4:6-7 |
[6] ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.[7] එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |