A A A A A

නරක චරිතය: [තිත්තකම]


ක්‍රියා 8:23
මක්නිසාද ඔබ තික්තකමේ පිතේද අයුතුකම නැමති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.

කොලොස්සි 3:8-13
[8] නුමුත් දැන් ඔබ සැම ඒ සියල්ලකෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, ඔබ සැමගේ මුඛයෙන් නික්මෙන කැත කථාව-පහකරන්න.[9] එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද ඔබ සැම පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,[10] අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.[11] එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මජේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.[12] එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,[13] එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ ඔබ සැමට කමාවුණාක්මෙන් ඔබ සැමත් කරන්න.

ධර්මදේශකයා 7:9
කෝපවීමට ඔබේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.

එපීස 4:26
කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු ඔබ සැමගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

එසකියෙල්ගේ 3:14
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේ ගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.

යෙසායා 38:17
බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.

ජෝබ් 7:11
ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.

ජෝබ් 10:1
මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.

ජෝබ් 21:25
තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.

ශුද්ධවර මාක් 11:25
ඔබ සැම යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ ඔබ සැමගේ වරද ඔබ සැමට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් ඔබ සැමට ඇත්නම් ඔබ සැමත් කමාවෙන්න.

හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

හිතෝපදේශ 14:10
සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.

හිතෝපදේශ 15:1
මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

හිතෝපදේශ 17:25
අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.

රෝම 3:14
ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය.

ශුද්ධවර මතෙව් 6:14-15
[14] මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, ඔබ සැමගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ ඔබ සැමටත් කමාකරනසේක.[15] නුමුත් ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, ඔබ සැමගේ පියාණන්වහන්සෙත් ඔබ සැමගේ වරද කමා නොකරනසේක.

ජාකොබ් 1:19-20
[19] මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ඔබ සැම මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.[20] මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.

හෙබ්‍රෙව් 12:14-15
[14] සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.[15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් ඔබ සැම කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

එපීස 4:31-32
[31] සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා.[32] ඔබ සැම එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබ සැමට කමාවුණ ලෙසම ඔබ සැමත් එකිනෙකාට කමාවෙන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society