A A A A A

නරක චරිතය: [හිරිහැර කිරීම]


1 ජොහන් 2:9
ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.

1 ජොහන් 3:15
තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව ඔබ සැම දනිහුය.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ද්විතීය නීති සංග්‍රහය ๓๑:๖
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය.

එපීස 4:29
ඔබ සැමගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

එපීස 6:12
මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

ලෙවී ව්‍යවස්ථාව 19:18
පළිගන්නේවත් ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.

ශුද්ධවර මතෙව් ๕:๑๑
මනුෂ්‍යයන් මා නිසා ඔබ සැමට නින්දා පීඩාකොට ඔබ සැමට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල ඔබ සැම ආශීර්වාදලද්දෝය.

හිතෝපදේශ 17:9
වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

හිතෝපදේශ 22:10
නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ; එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.

හිතෝපදේශ 24:16
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

ගීතාවලිය 138:7
මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක; ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධව ඔබගේ හස්තයද දිගුකරනසේක, ඔබගේ දකුණු හස්තයද මා ගළවන්නේය.

රෝම 2:1
එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, ඔබ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන ඔබ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, ඔබම එම දේවල් කරන නිසා ඔබටම වරද තබාගන්නෙහිය.

රෝම 12:18-19
[18] පුළුවන් නම්, ඔබ සැමගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.[19] ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.

රෝම 12:20-21
[20] නුමුත් ඔබේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.[21] නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.

ශුද්ධවර ලූක් 6:27-28
[27] නුමුත් අසන්නාවූ ඔබ සැමට මම කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට වෛරකරන්නන්ට යහපත කරන්න,[28] ඔබ සැමට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, ඔබ සැමට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.

ශුද්ධවර මතෙව් 5:44-45
[44] නුමුත් මම ඔබ සැමට කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;[45] මෙසේ ඔබ සැම ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.

යෙසායා 41:11-13
[11] ඔබ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. ඔබ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.[12] ඔබ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් ඔබ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. ඔබට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.[13] මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

ශුද්ධවර මතෙව් 5:38-41
[38] ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව ඔබ සැම අසා තිබේ.[39] නුමුත් මම ඔබ සැමට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් ඔබේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.[40] යමෙක් නඩු කියා ඔබේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට ඔබේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.[41] යමෙක් එක හැතැප්මක් යන්ට ඔබ සැමට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න,

ගීතාවලිය 34:12-18
[12] ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද? [13] ඔබේ දිව නපුරෙන්ද ඔබේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව. [14] නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව. [15] ස්වාමීන් ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ, [16] නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන් ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ. [17] ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක. [18] ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society