A A A A A

නරක චරිතය: [නිෂ් ity ලකම]


ධර්මදේශකයා 2:1-21
[1] මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන ඔබ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.[2] ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි.[3] මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත්කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.[4] මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;[5] මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි.[6] ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි.[7] මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.[8] මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි.[9] මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය.[10] මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.[11] නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.[12] එවිට මම ප්‍රඥාවත් මෝහයත් අඥානකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය.[13] එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි.[14] ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඥානයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගතිමි.[15] එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.[16] මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි![17] එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.[18] එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි.[19] ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය.[20] එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි.[21] මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ.

ධර්මදේශකයා 4:4
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

ධර්මදේශකයා 5:10
රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.

ධර්මදේශකයා 6:2
මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.

ජෙරමියා 2:5
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?

ජෙරමියා 4:30
ඉතින් ඔබ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? ඔබ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් ඔබේ ඇස්වල අඳුන් ගාගත්තත් ඔබේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; ඔබේ ප්‍රේමවන්තයෝ ඔබ ප්‍රතික්ෂේපකරති, ඔව්හු ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.

හිතෝපදේශ 31:30
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.

ගීතාවලිය 39:5-6
[5] බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය. [6] සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි.

ගීතාවලිය 119:37
නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.

රෝම 12:2
ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

1 සාමුවෙල් 16:7
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.

1 තිමෝති 4:8
මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.

ධර්මදේශකයා 1:1-2
[1] දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.[2] නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.

ගලාති 5:16-26
[16] නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට ඔබ සැම මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.[17] මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. ඔබ සැම කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.[18] නුමුත් ඔබ සැම ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, ඔබ සැම ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.[19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;[20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;[21] වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම ඔබ සැමට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් ඔබ සැමට කියමි.[22] නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,[23] විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.[24] තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.[25] අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.[26] සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ ඔබ සැම මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. ඔබත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society