A A A A A

නරක චරිතය: [පළිගැනීම / පළිගැනීම]


1 පේදුරු 3:9
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, ඔබ සැමට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.

1 තෙසලෝනික 5:15
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.

2 කොරින්ති 13:11
ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න, සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක.

2 තෙසලෝනික 1:8
ඔබ සැමට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින ඔබ සැමට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.

ද්විතීය නීති සංග්‍රහය 32:35
ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.

හෙබ්‍රෙව් 10:30
මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව.

ලෙවී ව්‍යවස්ථාව 19:18
පළිගන්නේවත් ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.

ශුද්ධවර මාක් 11:25
ඔබ සැම යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ ඔබ සැමගේ වරද ඔබ සැමට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් ඔබ සැමට ඇත්නම් ඔබ සැමත් කමාවෙන්න.

හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

හිතෝපදේශ 20:22
නපුරට ප්‍රථිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ ඔබ ගළවනසේක.

හිතෝපදේශ 24:29
ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.

රෝම 12:18-19
[18] පුළුවන් නම්, ඔබ සැමගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.[19] ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.

රෝම 13:4
මක්නිසාද ඔබට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් ඔබ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.

ශුද්ධවර මතෙව් 18:21-22
[21] එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.[22] යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.

ගීතාවලිය 94:1-2
[1] පළිගැන්ම අයත් දෙවිවූ ස්වාමිනි, පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.[2] පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.

ශුද්ධවර මතෙව් 5:38-39
[38] ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව ඔබ සැම අසා තිබේ.[39] නුමුත් මම ඔබ සැමට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් ඔබේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.

ශුද්ධවර ලූක් 6:27-28
[27] නුමුත් අසන්නාවූ ඔබ සැමට මම කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට වෛරකරන්නන්ට යහපත කරන්න,[28] ඔබ සැමට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, ඔබ සැමට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.

එපීස 4:31-32
[31] සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා.[32] ඔබ සැම එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබ සැමට කමාවුණ ලෙසම ඔබ සැමත් එකිනෙකාට කමාවෙන්න.

1 පේදුරු 2:21-23
[21] එසේය, ඊට ඔබ සැම කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම නිසා වධවිඳ, ඔබ සැම උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබ සැමට ආදර්ශයක් දී ගියසේක.[22] උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,[23] උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක.

හිතෝපදේශ 25:20-22
[20] දුක්වූ සිතකට ගීතිකාකරන්නා ශීත කාලයේදී වස්ත්‍රය ගළවාදමන්නෙක්ද වෙඩිලුණුවලට කාඩිද වැනිය. [21] ඔබේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න. [22] එසේ ඔබ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ ද ඔබට විපාක දෙනසේක.

රෝම 12:17-21
[17] කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.[18] පුළුවන් නම්, ඔබ සැමගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.[19] ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.[20] නුමුත් ඔබේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.[21] නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.

ශුද්ධවර මතෙව් 5:40-45
[40] යමෙක් නඩු කියා ඔබේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට ඔබේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.[41] යමෙක් එක හැතැප්මක් යන්ට ඔබ සැමට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න,[42] ඔබෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.[43] ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව, ඔබේ සතුරාට වෛරකරවයි කී බව ඔබ සැම අසා තිබේ.[44] නුමුත් මම ඔබ සැමට කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;[45] මෙසේ ඔබ සැම ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.

Sinhala Bible SROV
Ceylon Bible Society