A A A A A

නරක චරිතය: [පාවාදීම]


ශුද්ධවර මතෙව් 27:3-4
[3] එවිට උන්වහන්සේ පාවාදුන් යූදස් උන්වහන්සේ වරදට පත්කරනු ලැබූ බව දැක, පසුතැවිලිව, රිදී මිල තිහ නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට නැවත ගෙනවුත්:[4] නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? ඔබම බලාගන්නැයි කීවෝය.

ශුද්ධවර මතෙව් 6:14-15
[14] මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, ඔබ සැමගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ ඔබ සැමටත් කමාකරනසේක.[15] නුමුත් ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, ඔබ සැමගේ පියාණන්වහන්සෙත් ඔබ සැමගේ වරද කමා නොකරනසේක.

ශුද්ධවර මාක් 11:25
ඔබ සැම යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ ඔබ සැමගේ වරද ඔබ සැමට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් ඔබ සැමට ඇත්නම් ඔබ සැමත් කමාවෙන්න.

ශුද්ධවර මතෙව් 7:12
එබැවින් මනුෂ්‍යයන් විසින් ඔබ සැමට යමක් යමක් කරනවාට ඔබ සැම කැමතිද ඔබ සැමත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.

හෙබ්‍රෙව් 4:15
මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැෙනන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.

උත්පත්ති 12:3
තවද ඔබට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, ඔබට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් ඔබ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

රෝම 3:23
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

Sinhala Bible SROV
Ceylon Bible Society