A A A A A

නරක චරිතය: [කෝපය]


එපීස 4:26-31
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු ඔබ සැමගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.[27] යක්ෂයාට ඉඩ නොදෙන්න.[28] සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.[29] ඔබ සැමගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.[30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ ඔබ සැම මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.[31] සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා.

ජාකොබ් 1:19-20
[19] මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ඔබ සැම මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.[20] මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.

හිතෝපදේශ 29:11
අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;

ධර්මදේශකයා 7:9
කෝපවීමට ඔබේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.

හිතෝපදේශ 15:1
මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

හිතෝපදේශ 15:18
තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.

කොලොස්සි 3:8
නුමුත් දැන් ඔබ සැම ඒ සියල්ලකෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, ඔබ සැමගේ මුඛයෙන් නික්මෙන කැත කථාව-පහකරන්න.

ජාකොබ් 4:1-2
[1] ඔබ සැම අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධකරන ඔබ සැමගේ තෘෂ්ණාවලින් නොවේද?[2] ඔබ සැම ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. ඔබ සැම ඩබරද යුද්ධද කරන්නහුය; ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය.

හිතෝපදේශ 16:32
බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.

හිතෝපදේශ 22:24
තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.

ශුද්ධවර මතෙව් 5:22
නුමුත් මම ඔබ සැමට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, ඔබ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.

ගීතාවලිය 37:8-9
[8] තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. [9] මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.

ගීතාවලිය 7:11
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය කාරයෙක, එසේය, සැමදාම උදහස්වන දෙවි කෙනෙක.

2 රාජාවලියේ 11:9-10
[9] ශතාධිපතියෝ යෙහෝයාදා පූජකයා අණකළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් සබත් දවසේදී පිටත යන තැනැත්තන්ද සමඟ කැඳවාගන යෙහෝයාදා පූජකයා ළඟට ආවෝය.[10] පූජකයා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය.

2 රාජාවලියේ 17:18
ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යුදා ගෝත්‍රය පමණක්ය.

හිතෝපදේශ 14:29
කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

Sinhala Bible SROV
Ceylon Bible Society